ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

    ඔක්තෝබර් 24, 2023

    ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

    එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සඳහන් කරන්නේ එම කැපවීම ශ්‍රී ලංකා වෙත තව දුරටත් සහයෝගය ලබා දීම සඳහා හේතුවක් වන බවයි. ඔහු මේ බව කියා සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය. එහි දී විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

     

    මෙහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහය අගය කළේ ය. දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙරට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බවයි. විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබා දෙන සහ යෝගය පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya