ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

    ඔක්තෝබර් 24, 2023
     
     

    නේපාලයේ පැවති ආසියානු රෝද පුටු ක්‍රිකට් ශූරතාවලියේ, අනු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර සුහද හමුවක් පසුගියදා  ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.



    පවතින ආබාධ තත්ත්වයන්ට අමතර වූ දුෂ්කරතා රැසක් මධ්‍යයේ පුහුණුවීම් සිදුකර තරගාවලියට සූදානම් උවත්, අවසන් මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබා දුන් සහයෝගය හේතුවෙන් මානසික සුවතාවයකින් යුතුව තරගයට සහභාගීවීමට හැකිවීම, මෙම ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වූ බව කණ්ඩායමේ පුහුණුකරු වන මංජු ශ්‍රී රාජපක්ෂ මහතා විසින් කෘතඥපූර්වකව සිහිපත් කළේය.

    රටට කීර්තියක් හා ගෞරවයක් ගෙන එනු ලබන මෙවැනි ක්‍රීඩකයින් පිළිබදව විශේෂ අවධානයක් යොමුකර, ක්‍රීඩා පනතට අලුතින් එක් කරන ලද නියෝග අනුව ජාතික ක්‍රීඩා සංගමයන් හෝ සම්මේලනයන් ආබාධ සහිත ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සඳහා වන ක්‍රීඩා සංගම් තම මව් සංගම් යටතේ ලියාපදිංචි කර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

    ඒ අනුව, රෝද පුටු ක්‍රිකට් සංගමය සඳහා නිසි පිළිගැනීමක් සහිතව මව් සංගමය යටතේ ලියාපදිංචි කර, ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදීමට පියවර ගත් අතර, ඒ අනුව පුහුණුවීම් සඳහා ක්‍රීඩා පිටියක් හා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළකර තිබේ.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රෝද පුටු ක්‍රිකට් ලෝක කුසලානය සඳහා පුහුණුවීම් කටයුතු සදහා අවශ්‍ය නවාතැන්, ආහාරපාන  හා අනෙකුත් පහසුකම් ලබා දීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර, මේ දිනවල චීනයේ පැවැත්වෙන ආසියානු පැරා තරඟාවලියට සහභාගීවී සිටින ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ නිළධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි පසු, රෝදපුටු ක්‍රිකට් සංගමය පිළිබඳව ද සාකච්ඡා කර, දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.  

    මේ අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේසන් මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා, පුහුණුකරු වන මංජු ශ්‍රී රාජපක්ෂ මහතා හා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හා ඔවුන් දිරිගන්වන ලද සමීපතමන් සහභාගීව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya