ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මත්ස්‍ය  ආනයනයේදි වංචාවන් සිදු වුවහොත් නීතිමය පියවර ගන්නවා- ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

    ඔක්තෝබර් 27, 2023

    ශ්‍රී ලංකාවේ ධීවරයන්ට නෙලාගැනීමට නොහැකි හා ඉතා දුරලභව නෙලාගන්නා මත්ස්‍යන් ආනයනය කිරීම සදහා අවසර ලබා දී ඇති බවත්, එසේ ආනයනය කිරීමේදි කිසියම් වංචාවක් සිදු වන්නේනම් එයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) යාපනයේදි ‘’චීනයෙන් මසුන් ආනයනය කිරීමට පියවර ගෙන ඇත්ද යන්න’’ මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

    වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, චීනයෙන් මත්ස්‍යන් ආනයනය කිරීමට අවසර දී ඇතත් එහි අධීක්ෂණ කටයුතු මාගේ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ධීවර සංස්ථාව හරහා ඉතා නිවැරදීව සිදුවනවා.. විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සෘජුව වැඩකරන කෙනෙක්. ඒ තුළින් එවැනි වංචනික ක්‍රියාවලට කිසිදු ඉඩක් නොදෙන බව මා හොදින් දන්නවා. මෙරට ධීවරයන්ට නෙලාගත නොහැකි සහ ඉතා දුර්ලභව නෙලාගන්නා මසුන් ආනයනය කිරීම සදහා මා ධීවර සංස්ථාවට උපදෙස් ලබාදී ඇති අතර විශේෂයෙන් සාධාරණ මිළට ප්‍රමිතියෙන් යුක්ත මසුන් ආනයනය කිරීමට මා උපදෙස් ලබාදි ඇති නිසා මසුන් ආනයනයේදි වංචාවක්සිදු නොවන බවත් මාගේ විශ්වාසයයි..

    එසේ වංචනික ක්‍රියා සිදු වී ඇත්නම් ඒ පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසු අමාත්‍යවරයා ඇතැම් මාධ්‍යවල වැරදි තොරතුරු පළවී තිබු බවද  ඒ පිළිබදව සොයා බැලු අතර එවැනි තත්වයක් කිසිදු ආකාරයකට සිදු වී නොමැති බවද වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya