ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දැදුරු ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්වයක්

    ඔක්තෝබර් 30, 2023

    දැදුරු ඔය ද්‍රෝණීයේ ඉහළ, මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයක කාලය තුළ සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව වාරියපොළ,නිකවැරටිය,මහව,කොබෙයිගනේ,බිංගිරිය,පල්ලම,හලාවත,ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වල ජනතාව මේ පිළිබඳව දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කෙරේ.

    එසේම මෙම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් ද දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

    ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නඩත්තු කරනු ලබන දැදුරු ඔය ජලාශයෙන් තත්පර ඝණ අඩි 14,000ක ජල ප්‍රමාණයක් නිකුත් කරමින් පවතින අතර එම ප්‍රමාණය වර්ධනය වීමේ හැකියාවක්ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැදුරු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් අනුව ඉදිරි පැය කිහිපයක කාලය තුළ ඉහත සඳහන් කළ ප්‍රාදේශීය ලේකම් කොටඨාසවලට සුළු ගංවතුර තත්වයක් ඇති විය හැකි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya