ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කර්මාන්ත විශ්ෂ්ඨතා සම්මාන උළෙල එළඹෙන නොවැම්බර් 01 දින

    ඔක්තෝබර් 30, 2023

    මෙරට කර්මාන්ත කරුවන් ඇගයීම හරහා නව කර්මාන්ත සංස්කෘතියක් ඇති කිරීම උදෙසා පැවැත්වෙන කර්මාන්ත විශ්ෂ්ඨතා සම්මාන උළෙල එළඹෙන නොවැම්බර් 01 දින පැවැත්වෙන බව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය පැවසීය.

    ඇය මේ බව පැවසුවේ, කර්මාන්ත විශ්ෂ්ඨතා සම්මාන උළෙල පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    මෙම විශිෂ්ඨතා සම්මාන උළෙල එළඹෙන නොවැම්බර් මස 01 දින සවස 5.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත් වේ. කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් , කර්මාන්තකරුවන් 300ට ආසන්න ප්‍රමාණයක් මෙහිදී ඇගයීමට ලක් කිරීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ,

    නව කර්මාන්ත සංස්කෘතියක් ඇරඹීමට නම් නව කර්මාන්ත කරළියට එන්න ඕන.එම අපනයන කර්මාන්ත ජාත්‍යන්තරයට රැගෙන යන්න ඕන.මෙම වැඩසටහන නව කර්මාන්ත සංස්කෘතියක් රට තුළ ඇති කිරීම සඳහා දියත් කළ එක් වැඩපිලිවෙළක්.අපේ රටේ දැනට කර්මාන්ත වල නියැළි අයට තමයි මෙම අවස්ථාව ලබා දුන්නේ. එළඹෙන 2024 වර්ෂයේදී කර්මාන්ත නව්‍යකරණය සහ නවීකරණය ගැන වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.නව තාක්ෂණය යොදා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා. එහිදී නව්‍යතාවයකින් යුතු කර්මාන්ත සඳහා වැඩි බරක් ලබා දුන් බව ද ඇය සඳහන් කළාය.

    එළඹෙන 2030 වසර වන විට කර්මාන්ත වලින් රටේ ආදායමට ලැබෙන දායකත්වය 30% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව මෙම අවස්ථාවට එක් වූ ලංකා කාර්මික සංවර්ධන මණඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා පැවසුවේ.

    කර්මාන්තකරුවන් දිරිගැන්වීමට, පෙළඹවීමට සහ නව කර්මාන්තකරුවන්ට ධෛර්ය දීමට තමයි මෙම සම්මාන උළෙළ සිදු කරන්නේ. ඉදිරියේදී සෑම වසරකම මෙම ජාතික වැඩසටහන පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. අපනයනය කේන්ද්‍ර කර ගත් නිෂ්පාදන ආර්ථිකයට යන්න මේ ඔස්සේ හැකියාව ලැබෙනවානව ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් රටේ ආර්ථිකයට දායක කර ගෙන ඔවුන් දිරිමත් කරමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි ව්‍යවසායකයින් පිරිසක් ගොඩ නැගීමට බලාපොරොත්තු වෙනවා. අපි හඳුනාගෙන තිබෙන මෙම කර්මාන්ත ක්ෂේත්‍ර දියුණ කරන්න පුළුවන් කර්මාන්ත ක්ෂේත්‍ර. ලංකාවේ දියුණු කරන්න පුළුවන් කර්මාන්ත ක්ෂේත්‍ර. අලුතෙන් ව්‍යවසායකයෝ වෙන්න බලාපොරොත්තු වන අයට දිරි ගැන්වීමක් මේ හරහා සිදු වෙනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya