ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කඳුරට දෙමළ ජනතාව ශ්‍රී ශ්‍රී ලාංකික සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා වැඩසටහනක්

    ඔක්තෝබර් 31, 2023

    වතු ජනතාව ද අනිකුත් ශ්‍රී ලාංකිකයින් භුක්තිවිදින වරප්‍රසාද සියල්ල භුක්ති විදින පිරිසක් බවට පරිවර්තනය කිරීම සඳහා පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලාංකික වැවිලි ප්‍රජාව මෙරට පැමිණ වසර 200 ක් සැපිරීම නිමිත්තෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම එම ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ඉදිරියේදී තවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැළසුම් සකස් කර තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකික පුරවැසියන් වන වතු ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිමට්, ආර්ථික සහ වෘත්තියමය අවස්ථා ඇති කිරීමට හා ස්ථිර පදිංචිය සහිත උසස් ජිවන තත්ත්වයක් ළඟා කර දීමට හැකිවන පරිදි ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය සහ අනිකුත් අදාළ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව අදාළ වැඩසටහන් ඵලදායිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යමණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස අයිතිය, ප්‍රජා සේවා යනාදියේ ඌණ තාවයක් වතු ජනතාවට තිබෙන බව රජය පිළිගන්නා අතර එය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අදාළ ජාතික වැඩපිළිවෙලක් එය ප්‍රයෝගික
    යථාර්තයක් බවට පත් වීමේ අවශ්‍යතාවයත් සැලකිල්ලට ගෙන, ලෙස එම වැඩපිළිවෙල වසර 200 සපිරෙන අවස්ථාවේ පැවැත්වෙන උත්සවයේ දී ජනාධිපතිවරයා විසින් වැඩසටහනක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya