ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වෙළෙඳ ඇමති යුරෝපා පාර්ලිමේන්තු දූත පිරිසක් සමඟ ද්වීපාර්ශවීය වෙළෙඳ, ආර්ථික හා ආයෝජන සාකච්ඡාවක

    ඔක්තෝබර් 31, 2023

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා ශ්‍රී ලංකාවේ 65% පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මහත් ශක්තියක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (31) යුරෝපා පාර්ලිමේන්තු දූත පිරිසක් සමග වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    එමෙන්ම ඔවුනට අවශ්‍යය ආයෝජන හා තාක්ෂණික සහයෝගය වෙනුවෙන් අත්වැල් බැඳ ගන්නා මෙන් යුරෝපා සංගමයේ නියෝජිතයන් හමුවේ සඳහන් කළේය.

    එහි දී ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය වන යුරෝපා සංගමය සමග මේ වන විට පවතින ජී.එස්.පී ප්ලස් (GSP+) ගිවිසුම සම්බන්ධයෙන් මෙන්ම, ආර්ථික, වෙළෙඳ හා වාණිජ කටයුතු තවත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

    මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා, ජී.එස්.පී ප්ලස් සහන ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අගනා අවස්ථාවන් රැසක් උදා වී ඇති බවත්, එහි ප්‍රතිලාභ ළඟා කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීම සඳහා අවශය ඉදිරි කටයුතු සිදු කරන ලෙසද අමාත්‍යවරයා වාණිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    පැවැති ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට ආනයන සීමා ක්‍රමක්‍රමයෙන් ලිහිල් කරමින් රජය ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල දූත පිරිසේ පැසසුමට ලක්විය. තිරසාර සංවර්ධනය, අපනයන විවිධාංගීකරණය යන ක්ෂේත්‍රයන් ඇතුළුව මෙරට හා යුරෝපා රාජ්‍යයන් ආශ්‍රිතව සබඳතා ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදී.

    තාක්ෂණික ගැටලු ආදී අන්තර්ජාතික වෙළෙඳාමේදී පවතින බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන්ද, විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම වෙනුවෙන් ඔවුනට ඉඩම් ඇතුළු අවශ්‍ය සම්පත් ලබා ගැනීම පහසු කිරීම සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙස දූත පිරිස මෙහිදී සඳහන් කරන ලදී.

    මේ වන විට ගාසා තීරයේ රැකියාවන්හි නියුතු ශ්‍රී ලංකික විදේශ ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හෙයිඩි ග්‍රීන්ස් මහත්මිය, (Ms. Heidi Hautala Greens), ස්ඩිස්ලෝ ක්‍රාස්නොඩෙබ්ස්කි මහතා (NIr. Zdzislaw Krasnodebski), කාර්ස්ටෙන් ලකී මහතා (Mr. Karsten Luckey), ඔස්රා මෝල්ඩ්කිනී මහත්මිය (Ms. Ausra Maldeikiene) වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ්. එම්.පී.එම්.බී අතපත්තු මහතා, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම්, වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya