ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අද්‍යතන ලෝක අවශ්‍යතාවයට ගැලපෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්

    ඔක්තෝබර් 31, 2023

    අද්‍යතන ලෝක අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස පියවර ගැනීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සහ එම අනුකමිටුවට සහාය වීම සදහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    එම විශේෂඥ කමිටුව විසින් අදාල විෂය ක්ෂේත්‍ර සහ විෂයගත කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කෙටුම්පත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    මෙම කෙටුම්පත් සදහා අමාත්‍යංශ අනුකමිටුව විසින් ඉදිරිපත් කරන නිරීක්ෂණ, නිර්දේශ ඇතුලත් කර තවදුරටත් වැඩිදියුණු කරන ලද ජාතික අධයාපන ප්‍රතිපත්තිය 2023 – 2033 දස අවුරුදු ප්‍රතිපත්තියක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ අධීක්ෂණ කාරකසභාව වෙත යොමු කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් මෙය ඉදිරිපත් කළ බවද ප්‍රකාශ කළේය.

    මෙය ඉතා සුවිශේෂ දස අවුරුදු ජාතික අධ්‍යාපන වැඩසටහනක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා සම්පූර්ණයෙන් සමස්ථ අධ්‍යාපන ක්‍රමය අද්‍යතන ලෝක අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විවිධ දක්ෂතා, කුසලතා හා නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුත් අනාගත දරු පරම්පරාවක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මෙය ක්‍රියාවට නංවා ඇතැයිද සඳහන් කළේය.

    සියලුම පාර්ශවයන්ගේ අදහස් විශාල ලෙස අධ්‍යයනය කරමින් ලබාගෙන ඉමහත් පරිශ්‍රමයක් දරා සකස් කර අවසන් කළ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ආංශික කාරකසභාව තුළත්, පාර්ලිමේන්තුව තුළත් තවදුරටත් සංවාදයට ලක්කිරීම සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya