ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසනීයත්වය ඇති කිරීම මාගේ පළමු අරමුණයි- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ 

    නොවැම්බර් 01, 2023

     

    වර්තමානයේ පැන නැගී ඇති අභියෝග සමග මෙරට ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසනීයත්ව ඇති කිරීම තමාගේ පළමු අරමුණ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන් සමග ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ  සාකච්ඡාවකදීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ස්ථාවර වු සෞඛ්‍ය පද්ධතියක් වන බවද එහි අතිවිශිෂ්ඨ මානව සම්පතක් කටයුතු කරන බවද නිසි ක්‍රමවේදයක්, නිසි දැක්මක් සමග මෙම ක්ෂේත්‍රය ඉහළට ඔසවා ගැනීම අපහසු කාරණාවක් නොවන බවද ප්‍රකාශ කල අමාත්‍යවරයා අවශ්‍ය තීන්දු තීරණ තමන් නොපැකිලිව ගන්නා බවත්, එම තීන්දු තීරණ ගැනීමේ දී සෑම කෙනෙකුම සතුටු කිරීමට නොහැකි බවද පැවසීය.

    මෙහිදී සාධනීය කරුණු කොතෙක් ඉටු කරගත හැකි දැයි කියන කාරණාව තමන්ට තිබෙන ප්‍රශ්නයක් බවත් මේ කටයුතු වලදී ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය බැලීමට ද කෙටි කාලයක් ගත වන බවද අවධාරණය කලේය. 

    ඔබ සැමගේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරගෙන ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසන අතරම සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් සාමුහිකත්වයෙන් කටයුතු කරමු යැයි ඉල්ලීමක් ද අමාත්‍යවරයා කලේය.

    මෙහිදී  අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ, කලකට පසුව සෞඛ්‍ය විෂය පිළිබදව අවබෝධයක් තිබෙන අමාත්‍යවරයකු ලැබීම සතුටට පත්වන බවත්, මෙම අමාත්‍යංශය භාර ගැනීම පිලිබදව ද ස්තුතිය අමාත්‍යවරයාට පලකර සිටියේය.

    වෛද්‍යවරුන්ගේ වැටුප්, ප්‍රවාහන දීමනා, සීමාවාසික වෛද්‍යවරුන් හට ලැබෙන වැටුප් හා දීමනා, වෛද්‍යවරුන්ගේ තනතුරු හා උසස්වීම්, දේශීය හා විදේශීය පුහුණුවීම්, වෛද්‍ය පීඨ වල පවතින ගැටලු, සේවා කාලය, විමර්ශන කටයුතු, ඖෂධ වැනි කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, ගීතාමනී කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු යන මහත්ම මහත්මින් ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍යවරු පිරිසක් ද එක්වුහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya