ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට

    නොවැම්බර් 03, 2023

    රුපියල් කෝටියක වියදමින් සංවර්ධනය කළ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින සිදු කෙරිණ.

    පෑලියගොඩ ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගී සුවය උදෙසා ක්‍රියාත්මක මෙම පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය රෝගී සත්කාර සේවාවන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් එම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වී ඇති බව අමාත්‍යතුමන්ට ලද තොරතුරකට අනුව, නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ විශේෂ මැදිහත්වීම මත රුපියල් ලක්ෂ 50 ක බස්නාහිර පළාත් ප්‍රතිපාදන සහ පෑලියගොඩ නගර සභා ප්‍රතිපාදන මත මෙම පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ පහසුකම් සංවර්ධනයට පියවර ගෙන ඇත.

    එමෙන්ම UNICEF සංවිධානයේ රුපියල් ලක්ෂ 40 ක ප්‍රතිපාදන මත අනෙකුත් සියළු අංගයන් සම්පූර්ණ කිරීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

    ඒ අනුව මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන, ඖෂධ ගබඩාව, ඖෂධ නිකුත් කිරීමේ ස්ථානය, වැඩිහිටි සායන මධ්‍යස්ථානය ඇතුළු සියළු අංශ සංවර්ධනය කර තිබෙන අතර එමගින් පෑලියගොඩ, තොටළඟ, නෙල්ලියවත්ත ආදී ප්‍රදේශ රැසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත.

    එම අවස්ථාවට පෑලියගොඩ නාගරික ලේකම් තරංගා ගම්ලත්, පෑලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයසංඛ රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන්, ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya