ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මනසින් සුවපත් දරු පරපුරක් උදෙසා ''සුවධරණී - සුරු දරුවෝ'' කැලණිය ගුරුකුලයට

    නොවැම්බර් 03, 2023

    රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන සුවධරණී - සුරුදරුවෝ මානසික සතිමත්භාවය ගොඩනැගීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේදී ඊයේ (02) දින පැවැත්විණ.

    සුවපත් දැයක් උදෙසා ගුණවන්ත, දක්ෂ, ක්‍රියාශිලි, බුද්ධිමත්, කුසලතා පූර්ණ ආධ්‍යාත්මික දරුවන් බිහි කරලීම උදෙසා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දෙකටන, බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ, කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ භාවනා අංශයේ උපදේශක පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    එමගින් පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමු වීම වළක්වාලීම, මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කිරීම උදෙසා මානසික සුවතාවය ගොඩනැගීමට ඉවහල් වන මනෝ චිකිත්සක ක්‍රමවේද, ක්‍රියාකාරකම් සහ අභ්‍යාස වලින් සමන්විත මෙම සුවධරණී - සුරුදරුවෝ වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබෙන අතර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය එක්ව ක්‍රියාත්මක කරයි.

    එම අවස්ථාවට කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු, දේශීය වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) පී. දයානන්දන්, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන, කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ ඇතුළු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ගුරුභවතුන් , සිසු දරුදැරියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya