ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රට මුහුණ පා ඇති සෑම ගැටලුවකටම ජනපති විසඳුම් ලබා දෙන බව විශ්වාසයි - ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

    නොවැම්බර් 06, 2023

    රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය ඇතුලු සියලු ගැටලු වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසදුම් ලබා දෙන බව තමාට විශ්වාස යැයිද ඒ අනුව ඉදිරි අවුරුදු 5 තුළ රටට යහපත් අනාගතයක් උදාවන බව තමන්ට ස්ථීරව ප්‍රකාශ කළ හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

    අමාත්‍යවරයා  මෙසේ ප්‍රකාශ කළේ, පසුගියදා (03) චන්ඩිලිප්පායි හින්දු විදුහලේ පැවති ත්‍යාග ප්‍රධානෝත්ස්වයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

    එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා දමිළ ප්‍රජාවගේ නායකයන් විසින් පසුගිය කාලයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදි සටන් හා අරගල පරාජයට පත්වු නිසා දමිල තරුණයන්ට අකමැත්තෙන් වුවද ආයුධ අතට ගැනිමට සිදු වු නමුත් එම ආයුධ සන්නධ අරගලයද පසු කාලයේදි වැරදි අරමුණු කරා ගොස් පරාජයට පත්වු බවද පැවසුවේය.

    එවන් පසුබිමක් තුළ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ බවද එම ගිවිසුම හරි හැටි අනුගමනය කරමින් දමිළ නායකයින් නිවැරදිව කටයුතු කළේ නම් උතුරු නැගෙනහිර ජනතාව අද විශාල දියුණුවක් ලැබිමට ඉඩ තිබු බවද එසේම රටද මිට වඩා සංවර්ධනය වු රටක් බවට පත් විමට ඉඩ තිබු බවද අවධාරණය කළේය.

    රටේ පැවති මෙම යුද්ධය නිසා අනවශ්‍ය ආර්ථික වියදම් ඇතිවී රට ආර්ථික අර්බුදයකට ලක් වු බවද යුද්ධය වෙනුවෙන් විදේශ රටවලින් ගත් ණය හා රටේ සංවර්ධනයට නිසි ආකාරව පාලනය කිරිමට නොහැකි වු නිසා රටේ සංවර්ධනයට බධා ඇති වූ අතර මෙවැනි බලවත් ආර්ථික අර්බුදයකට රට ලක්වි තිබියදි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය බාර ගනිමින් රට නිවැරදි මගක ගමන් කර වු බවද පැවසුවේය.

    ඔහුගේ එම වැඩපිළිවෙල අද ජයගෙන තිබේන බවද සිහිපත් කළ ධීවර අමාත්‍යවරයා, එම නිසා ජනාධීපතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් රට විශාල සංවර්ධනයක් කරා ඉදිරියට යන බව තමාට විශ්වාස බවද පැවසු අමාත්‍යවරයා තමා සැම විටම තම අත්දැකිම් හා විශ්වාසය මත තිරණ ගන්නා අතර තමාට අවුරුදු 15ක ආයුධ සන්නධ ඉතිහාසයකුත් අවුරුදු 30ක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි ඉතිහාසයක අත්දැකිම් සම්බාරයක් ඇති බවද සිහිපත් කළේය.

    එම අත්දැකිම් අනුව තමන්ගේ තිරණ ඉතා නිවැරදි ඒවා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා කුමන අණ්ඩුවක් බලයට පත් වුවද තමාගේ ප්‍රතිපත්ති වෙනස් නොවන බවද තමා ජනාතවගේ හැගිම් අවුස්සා බලයට පත්විමට උත්සහ නොකරන බවද දමිළ ජනතාවගේ ප්‍රශ්න විසදිම හා රටේ සංහිදියාව ඇති කිරිම තමාගේ අරමුණ බවද වැඩිදරටත් පැවසුවේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya