ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට තීරණයක්

    නොවැම්බර් 07, 2023

    පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් ලබා දීමට ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මෙම සහනය සලසනු ලබන්නේ රජය පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙන වන්දි මුදලට අමතරවය.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විනි.

    පසුගිය මහ කන්නයේ දී චීන රජය මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දෙන ලදී. කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබිනි.

    එමනිසා මෙම ඉන්ධන තොගය මෙවර මහ කන්නයේ දී වගා කටයුතු සිදු කිරීමට නොහැකිව සිටින යල කන්නයේ දී වගා හානි සිදුවූ ගොවි ජනතාවට ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

    ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක ප්‍රමාණයක් බැගින් මෙම ඉන්ධන ප්‍රමාණය වගා හානි සිදුවූ සියලු ගොවීන් අතර වහාම බෙදා හැරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඊයේ අදාල සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඒ අනුව ඉදිරි දින දෙක තුළ මෙම ඩීසල් ‌ තොගය වගා හානි සිදුවූ සියලු ගොවීන්ට බෙදාහැරිමට නියමිතය.
    මෙහිදී උඩවලව ජලාශය සිඳී යාම නිසා වගා පාළු වු වළව කලාපයේ ගොවීන්ට ප්‍රමුඛත්වය ලබා දීමට ද තීරණය කර ඇත. නිසි අවස්ථාවේ දී සමනලවැවෙන් ජලය උඩවළවේ ජලාශයට ජලය ලබා නොදීම නිසා බොහෝ කුඹුරු විනාශ විය. එමනිසා වළව කළාපයේ ගොවීන්ට සිදු වූ හානිය Man Made Disaster එකක් ලෙස සළකා ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද අමාත්‍යවරයා කීය.
    අද වනවිට වළව කලාපයේ වගාහානි සිදුවූ ගොවින්ට කිසිදු වත්කමක් නොමැති බවත් රටටම බිත්තර වී නිෂ්පාදනය කලේ මෙම ගොවින් නිසා ඔවුන් සියලු දෙනා රැකබලාගැනීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් පිරිසක් ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya