ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර පළාතේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන දැනුවත් කෙරේ

    නොවැම්බර් 08, 2023

    විදේශ රැකියා සඳහා වන තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින්, දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන දැනුවත් කිරීමේ තුන්වන අදියර ( 07 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 173ක නිළධාරීන් සහභාගි විය.

     

    මෙහිදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ විදේශ රැකියා නියෝජිතයින් වෙත ලබාදීමට කාර්යාංශය මෙහිදී කටයුතු කරන ලදී. ඊට අමතරව රැකියා නියෝජිතායතනවල සාමාජිකයින්ට ඔවුන්ට ඇති ගැටළු කාර්යාංශ නිළධාරින් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාවද ලබාදුනි.

     

    කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන ඉන්දිරා පතිනායක, ඒ.කේ.යූ. රෝහණ, ප්‍රියන්ත වීරසේකර, කුමුදු කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya