ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දින 28 පුහුණුව නිසා ශ්‍රමිකයින්ට වැඩි වැටුප් - වැඩි ආරක්ෂාව - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

    නොවැම්බර් 08, 2023

    ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා දින 28 ක පුහුණුව අනිවාර්ය කිරීම මගින් ශ්‍රමිකයින්ට ආරක්ෂාව මෙන්ම වැඩි වැටුප් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත්, මෙයට විරුද්ධ වන ඇතැම් ජාවාරම්කරුවන් මේවායින් රිංගා යාමට උත්සාහ ගන්නා බවත් පුහුණුවක් ලබාදෙන බව පැවසූ විට ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතනත් කලබල වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    කොරියානු කෘෂි ක්ශේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණුව සහ ගෘහ පාලිකා රැකියා සදහා වන පුහුණුව ලබාදෙන ස්ජොන්ග් වර්ල්ඩ් සමාගමේ පුහුණු මධ්‍යස්ථානය සහ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා (06) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය;
    “අපේ රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තාවන්. වැඩිම උපාධිධාරීන් වැඩිම පිරිසක් ඉන්නේත් කාන්තාවන් හැබැයි රැකියාවක් නොකරන වැඩිම පිරිසත් කාන්තාවන්. ඉගෙන ගත්ත කාන්තාවන් බැන්දාට පස්සේ රැස්සාවට එන්නේ නැහැ.

    ඒ නිසාම අද බුහතරයක් උගත් කාන්තාවන් රැකියාවන් කරන්නේ නැහැ. විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නම් කාන්තා සහභාගීත්වය ඉතාම අඩුයි. ලංකාවට කාන්තා ව්‍යවසාකයක්තවය ඉතාම වැදගත් දෙයක්. මොකද ගෙදර හරියට කළමනාකරණය කරන කාන්තාවට රටේ මේ ව්‍යවසායකත්වයට අත දෙන්න පුළුවන් නම් ඒක රටට විශාල ශක්තියක්. කොරියාවට රැකියා සඳහා ශ්‍රී ලංකිකයින් යොමු කිරීමට හැකියාව තිබුනේ රාජ්‍ය අංශයට විතරයි. මොකද ඒ රටවල් දෙකක් අතර පැවති ගිවිසුමක් සමඟයි මේ කටයුතු සිදුවුනේ. ඒත් කොරියානු රාජ්‍යත් එක්ක සාකච්චා කරලා වෑද්දුම් ශිල්පීන්, පින්තාරු ශිල්පීන් සහ ග්‍රහින්ඩර්ස්ලා වගේ අයව නාවික කර්මාන්තය සඳහා යොමුකරන්න මම කටයුතු කළා.

    එහිදි රාජ්‍ය අංශ වගේම පුද්ගලික අංශය ඔස්සේද කොරියානු රැකියා ලබා ගැනීමට අවස්ථාව උදා කරගන්න හැකියාව ලැබුනා. ඒ වගේම අපේ මේ වෑද්දුම් ශිල්පීන් බහුතරයක් යන්නේ එරට නාවික කර්මාන්තයට අදාලව පවතින රැකියා අවස්ථා සඳහායි.

    දැන් කොරියානු නාවික කර්මාන්තය තුල ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ට විශාල ඉල්ලීමක් තියෙනවා. ඉදිරයේදී ඒ සඳහා තවත් විශාල වශයෙන් අවකාශය සැලසෙන බවට අපි පෙනෙන්නට
    තියෙනවා. අනිත් ක්ෂේත්‍රය තමයි කොරියාවේ කෘෂි කාර්මාන්ත ක්ෂේත්‍රය. ඒකට ගොඩක් අය නගර සභා සම්බන්ධ කරගෙන ලියුම් අරගෙන ආවා. ඒ්ත් කිසිම කෙනෙකුට සාර්ථකව වැඩටික කරගෙන යන්න අවස්ථාව ලැබුනේ නැහැ. නමුත් අද මෙතන ඉන්න චමිලාට ඒ කටයුත්ත ඉතාම විනිවිදභාවයක් ඇතිව සිදුකරන්න හැකියාව ලැබුනා.

    ඒ නිසා තමයි මම ඒ අයගේ ආරාධනයට කොරියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඒ නගරසභාවල නගරාධිපතිවරුන්ව හමුවෙන්න ගියේ. දුර ප්‍රමාණයක් වැඩි නිසා අපිට දවසකට තැන් දෙකකටයි යන්න පුළුවන් වුනේ. ඒත් අපි කොහොමහරි ගිහින් ඒ පිරිස් හමුවෙලා අපේ රටේ ජනතාවට එම ප්‍රදේශ වල තිබෙන රැකියා අවස්ථා ලබා ගන්න කටයුතු කළා.

    කොරියාවේ අපේ තානාපති කාර්යාලයක් තියෙනවා. හැබැයි තානාපති කාර්යාල වලින් සිදුවෙන්න ඕනේ සමහර කාර්යයන් එවායේ ඉන්න පිරිසගේ අඩු නිසාම කරන්න අපහසු වෙලා තියෙනවා. ඒ නිසාම තානාපතිවරුන්නට මේ දේවල් කරන්න වෙලාවක් නැහැ.

    කොරියාව කියන්නේ අපිට ගොඩක් රැකියා අවස්ථා ලැබෙන රටක්. ඒ නිසාමයි අපි ඉතාම පරිස්සමෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ. අපිට රටේ අනෙකුත් ආයතන වලටත් මේ වගේම අවස්ථා විවෘත කරලා දෙන්න හැකියාව ලැබෙයි” යනුවෙනි

    කුමන ආකාරයක රැකියාවකට ගිය ද පුහුණුව අත්‍යාවශ්‍ය කාරණයක් වන අතරම පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුහුණුවීම් පමණක් කළ නමුත් විමධ්‍යගත කිරීමෙන් පසු විධිමත් ආකාරයෙන් කටයුතු සිදු වන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසුවේය.

    ඒ අනුව, රජය විසින් කළ යුත්තේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව සහ සුභසාධනය මෙන්ම නියාමන කටයුතු බවත්, අනිකුත් කාර්යයන් වලට පුද්ගලික අංශය සම්බන්ධ කරගතයුතු බවත් හෙතෙම මෙහි දී සඳහන් කරන අතර එය රජයේ ප්‍රතිපත්තිය බවත් රටේ ප්‍රතිපත්තියත් වියයුත්තේ එයම බවත් හෙතෙම අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya