ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර හිඟ යැයි කියූ පුවත අසත්‍යයි

    නොවැම්බර් 08, 2023

    අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර හිඟ බවට ඇතැම් මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරින්ගෙන් විමසීමක් කර තිබේ.

    අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල අවශ්‍ය තරම් මඩ පොහොර තොග පවතින බවත් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම මඩපොහොර මිටි 100ක් බැගින් ගබඩා කර ඇති අතර පොහොර අවශ්‍ය තරම් ඇතත් මේ වනවිට එක් මධ්‍යස්ථානයකින් මිටි 15කට වඩා අලෙවි වී නැති බවත් අම්පාර සහකාර ගොවිජන කොමසාරිස්වරිය අවධාරණය කර ඇත.
    මීට අමතරව අවශ්‍ය තරම් යුරියා හා බන්ඩි පොහොර ද සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම පුද්ගලික අංශය ද කටයුතු යොදා තිබේ.

    ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහන දීමනාව සදහා මේ වනවිට පළමු කොටස වශයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් මුදල් අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී ඇත. එම මුදල හෙට (7) සිට ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු යොදා ඇති බව ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා පවසයි.

    තවමත් ඇතැම් ප්‍රදේශවල කුඹුරු වගා කිරීම ආරම්භ කර නැති අතර ඇතැම් ප්‍රදේශවල වී වගා කර මාසයක පමණ කාලයක් ගතවී ඇතත් කිසිදු ප්‍රදේශයකින්වත් පොහොර හිඟබවට වාර්තා වී නොමැත.

    එසේම ගොවි ජනතාවට ලබා දෙන මුදල්වලින් රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් තම අභිමතය පරිදි පොහොර මිල දී ගැනීමට හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දැනුම් දේ.
    මෙම මහ කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කරන අතර ගොවීන් මිලියන 1.2ක් සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000 බැගින් මුදලක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම ලබා දීමට කටයුතු යොදා තිබේ.

    අම්පාර දිස්ත්‍රික්කයේ සිටින එක්තරා දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ගොවියෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙක් මාධ්‍යයට අසත්‍ය තොරතුරු ලබා දෙමින් රට තුළ වැරදි මතයක් ගොඩනැගීමට කටයුතු කරන බවට ද තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතී. මේ පුද්ගලයා මින් පෙරද මේ ආකාරයටම අසත්‍ය තොරතුරු සපයා ඇති අවස්ථා වාර්තා විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya