ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ''අපේ පාසල - අපේ දෑතින් සුරකිමු '' වැඩපිළිවෙලින් කැලණිය කලාපයේ පාසල් සංවර්ධනයට ප්‍රතිපාදන

    නොවැම්බර් 08, 2023

    ''අපේ පාසල - අපේ දෑතින් සුරකිමු '' වැඩපිළිවෙලින් කැලණිය කලාපයේ පාසල් සංවර්ධනයට ප්‍රතිපාදන

    බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක අපේ පාසල අපේ දෑතින් සුරකිමු වැඩපිළිවෙල යටතේ කැලණිය අධ්‍යාපන කලාපයට අයත් බියගම, මහර, කැලණිය, වත්තල යන කොට්ඨාසයන්හී පාසල් 44 ක් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 70 ක ප්‍රතිපාදන ලබා දීම කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බියගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේදී (06) දින සිදු කෙරිණ.

    විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් සහ සිසු දරු දැරියන්ගේ ශ්‍රම දායකත්වය සහ සහයෝගය මත පාසල් සංවර්ධනය කරලමින් සිසු අධ්‍යාපනය නංවාලීම උදෙසා මෙම අපේ පාසල අපේ දෑතින් සුරකිමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

    මෙම අවස්ථාවට කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිල්මිණි පෙරේරා මෙනවිය, විදුහල්පතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya