ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රමා සේවා නිලධාරින් සඳහා නිෂ්චිත සේවා ව්‍යාවස්ථාවක් හඳුන්වා දී පුරප්පාඩු පිරවීමට කටයුතු කරනවා

    නොවැම්බර් 08, 2023

    ග්‍රමා සේවා නිලධාරින් සඳහා නිෂ්චිත සේවා ව්‍යාවස්ථාවක් හඳුන්වා දීමට සහ එම පුරප්පාඩු පිරවීමට කඩිනමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදි , ග්‍රාම නිලධාරීන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අගමැතිවරයා පැවසුවේ,

    මෙරට මුළු ග්‍රාම නිලධාරී වසම් 14,022 පිහිටා තිබෙනවා. සෑම වසමකටම එක් ග්‍රාම නිලධාරිවරයෙක් බැගින් ග්‍රාම නිලධාරී තනතුරු 14,022ක් අනුමත වී තිබෙනවා. මෙම වර්ෂයේ ජූනි 30(2023.06.30) දිනට මෙම පුරප්පාඩු ගණන 2763ක්. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා 2021.03.31 දින ගැසට් නිවේදනයක් පළ කර තිබෙනවා. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම විභාගය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත් වීමට කටයුතු කරනවා. ඒ අනුව දෙසැම්බර් මස පළමු සතියේ මෙම විභාගය පවත්වන බව හෙතම පැවසීය

    අගමැතිවරයාගේ උපදෙස් මත වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ,

    මෙය දීර්ග කාලයක් තිස්සේ පවතින තනතුරක්. ඔවුන්ට නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා පවත්වා තිබෙනවා. ග්‍රාම නිලධාරී කියන්නේ පුළුල් වෘත්තියක්. වසම තුළ සෑම කටයුත්තකට ඇතුළත් වීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා.මෙය විධිමත් ආකාරයෙන් සාකච්ඡ කර කළ යුතු කාර්යයක්. මේ වන විටත් එම සාකච්ඡා පැවැත්වෙනවා.

     

    එළඹෙන ජන සංගණන කටයුතු වලදී ග්‍රාම නිලධාරින් එම කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, . සංගණන කටයුතු වලදී ඔවුන් ගෙයින් ගෙට ගිහින් අදාළ දත්ත ලබා ගන්නවා. ඔවුන් මහන්සි වෙලා එම දත්ත ලබා ගත්තට පස්සේ දත්ත යොමු කිරීමට වෙනත් පුද්ගලයෙක් යොදා ගැනීමේ ගැටලුවක් තිබෙනවා. ග්‍රාම නිලධාරින්ගේ දීමනා සම්බන්ධයෙනුත් මෙතනදී ගැටලුවක් තිබෙනවා.මේ සම්බන්ධයෙන් විසඳුමක් දීමට ඊයේ දිනයේදිත් සාකච්ඡා පැවැත් වුවා. අග්‍රමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉතාම කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා යනුවෙන්ද පැවසීය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya