ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවකයන්ට ලබා දිය හැකි උපරිම සහන ලබා දෙනවා

    නොවැම්බර් 08, 2023

    පවතින ආර්ථික වාතාවරණය තුළ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවකයන්ට ලබා දිය හැකි උපරිම සහන දීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මඩකලපු දිස්ත්‍රික්කයේ රෝහල් වල තිබෙන වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රජපුත්තිරන් රාසමාණික්කම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    සෑම පක්ෂයකින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන , වෛද්‍ය වෘත්තියේ නියැළි ,මන්ත්‍රීවරු 10 දෙනෙක් ඉන්නවා. අද උදෑසන එම වෛද්‍යවරු කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත් වූවා.ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමගත් සාකච්ඡාවක් පැවැත් වෙනවා.

    එළඹෙන අයවැයේ දී දිය හැකි උපරිම සාධාරණය සෞඛ්‍ය වෘත්තිකයින් වෙනුවෙන් ඉටු කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල රෝහල් 20කට ආසන්න ප්‍රමාණයක් වැසී යාම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවද හෙතෙම සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya