ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නීතිවිරෝධි අයුරින් කුවේට්හි රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 26ක් දිවයිනට ගෙන්වා ගැනේ

    නොවැම්බර් 08, 2023

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව එරට රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 26 දෙනෙකු අද දින ( 08) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් මගින් දිවයිනට ගෙන්වා ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

     

    මොවුන් සියලු දෙනාම ගෘහ සේවිකාවන් වශයෙන් රැකියාව සඳහා කුවේටයට ගොස් ඇති පිරිසක් වන අතර, වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැදී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පිරිසකි.

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කර මෙම කාන්තාවන්ට එරෙහි ව පැවති නඩු ඉවත් කරවාගෙන, ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya