ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ලබා ගත නොහැකියි- ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 08, 2023

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ලබා ගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නාය යෑම් නිසා අවදානමට ලක් වූ මාර්ග පිළිසකර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ,පුද්ගලික සහ රාජ්‍ය අංශය සමග එක්ව සැළසුම් කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි අයවැයේදී පෙන්වා දෙනු ඇති බවයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ,

    ''සියළුම මාර්ග නඩත්තු කරන්නේ විදේශ ණය ආධාර යටතේයි. ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් මාර්ග අලුත්වැඩියාව සඳහා විදේශ ණය ආධාර කිසිවක් ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙක තුන තුළ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වෙයි කියලා.අපි සියළු දෙනා එක්ව මෙම බැරූරුම් බව තේරුම් ගන්න ඕන. ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වුණොත් තමයි මුදල් ලැබෙන්නේ.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya