ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ - ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති

    නොවැම්බර් 09, 2023

    ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මෙරට සිටින ඥාතීන් අනවශ්‍ය බියක්, චකිතයක් ඇති කර ගත යුතු නැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඊශ්‍රායල්, පලස්තීන යුධ ගැටුම සහ ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් පලස්තීනය, ඊජිප්තුව, ලෙබනනය හා ජෝර්දාන තානාපතිවරු සහභාගී කරගනිමින් පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීය.

    එහි දී පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා ප්‍රකාශ කළේ, පලස්තීනයේ සිටින ශ්‍රී ලංකිකයින් ආරක්ෂිතව සිටින බවයි. එමෙන්ම, පවතින යුධමය තත්ත්වය නිසා නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යදැයි ඔවුන්ගෙන් විමසා සිටි නමුත් ඔවුන් කිසිවෙකු ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවක දැනුම් දුන්නේ නැති බවත්, ඔවුන්ගෙන් ඇතැමුන් වසර 20 කට වැඩි කාලයක් පලස්තීනයේ සේවය කරමින් සිටින අයවලුන් බවත් හෙතෙම මෙහි දී පැවසුවේය.

    කෙසේවුවද, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව නිරන්තරයෙන් සොයා බලන බවත්, බටහිර ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ද නිරන්තරයෙන් සොයා බලන බවත් ඒ අනුව, පලස්තීන තානාපති කාර්යාලය දින හතම විවෘතව තිබෙන බවත් තානාපති වරයා මෙහි දී අවධාරණය කළේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති එස්.පදමනාදන් මහතා ප්‍රකාශ කළේ, එරට සිටින වීසා නොමැතිව හෝ වීසා අලුත් කර ගැනීමට නොහැකි වූ සහ ගැටළු තිබෙන පුද්ගලයින්ගේ වීසා බලපත්‍ර ලබා දීම සම්බන්ධව වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රිප්‍රියංගිකා විජේගුණසේකර මහත්මිය ද මෙහි දී අදහස් දැක්වූවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya