ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අනු කමිටුව අද සවස රැස්වෙනවා - අමාත්‍ය කංචන විජේසේකර

    නොවැම්බර් 09, 2023

    කවුරු ඉලක්ක කර චෝදනා එල්ල කළත් ක්‍රීඩකයින් එල්ල කරමින් චෝදනා නොකළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, '' දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

    චෝදනා දේශපාලඥයින්ට පුරුදු වුවත් ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට කුමක් ද වෙන්නේ කියා බැලිය යුතුයි. ඉන්දීය පරාජයෙන් පස්සේ සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ දෙනෙක් ක්‍රීඩකයින් ඉලක්ක කරමින් චෝදනා එල්ල කළා. ඒකේ ප්‍රතිඵලය ඔවුන් ඊළඟ තරඟ කරන්නෙත් හොඳ මානසිකත්වයකින් නොවන නිසා.

    පරාජය වෙනකොට ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතු නෑ. පරිපාලනයට අපි දේශපාලනය ගෙනා යුතු නෑ. ජනාධිපතිතුමා අපිට වගකීමක් බාර දී තිබෙනවා. ක්‍රිකට් පරිපාලනය , නීති පිළිබඳව අධ්‍යයනය කර යෝජනාවලියක් කැබිනට් එකට භාර දෙන්න කියලා. අපි කල්පනා කර තීන්දු තීරණ ගත යුතුයි. ක්‍රීඩා පනත සංශෝධනයට යෝජනා කර තිබෙනවා.ක්‍රීඩා කටයුතුවලදී පහසුකම් සංවර්ධනය තමයි රජයේ වගකීම. පාර්ලිමේන්තුවේ වගකීම ඒ සඳහා පහසුකම් සළසන අනපනත් සකසා දීම. වෙනත් මැදිහත්වීමක් අවශ්‍ය නෑ. අධිකරණයේ කටයුතුවලට මැදිහත් නොවිය යුතුයි. අපි මේ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. අපිට ක්‍රිකට් පිළිබඳව තිබෙන්නේ ආදරයක්. අනු කමිටුව අද සවස රැස්වෙනවා. ජනාධිපතිතුමාගේ යෝජනාත් අධ්‍යයනය කරනවා.කමිටුවේ වගකීම අඳහස් අරගෙන යෝජනා දෙන එකයි '' යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya