ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥවරියක්

    නොවැම්බර් 09, 2023

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට එම අධිකාරි‌යේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ ඩී.ඩී. බුලත්සිංහල මහත්මිය අද (09) සිට පත්කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

    එම පත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කර ඇති අතර මෙය අදාල තනතුරේ වැඩ බැලීම සදහා කරනු ලැබු පත් කිරීමකි.

    එම තනතුර සදහා ස්ථිර පත්කිරීම නිසි ක්‍රමවේදයන්ට අනුකූලව ඉදිරියේ දී සිදුකරන බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya