ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ දී ටැම් පිට විහාර සහ සෙල් ලිපි සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙලක්

    නොවැම්බර් 10, 2023

    ලබන වසරේ දී ටැම් පිට විහාර පමණක් නොව, විනාශ වෙමින් යන සෙල් ලිපි විශේෂ වැඩපිළිවෙලක් මඟින් සංරක්ෂණය කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක වන බව බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ටැම් පිට විහාර ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් ඒ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශාල මුදලක් ස්ථාවර තැම්පතු යටතේ පැවතුණ බවත්, එම මුදල් 2019 වසරේ නැති වූ බව අමාත්‍යවරයා පැවසීය.
    එම මුදල් තිබුණා නම් මේ තත්ත්වය උදා නොවන බවද කී අමාත්‍යවරයා, ලබන වසරේ දී ටැම් පිට විහාර හා සෙල් ලිපි සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් අරඹන බව කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya