ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මල්වතු ඔය ජලාශය ව්‍යාපෘතිය කඩිනමින් ඉදිකිරීමට ජනපති ප්‍රමුඛ රජය මැදිහත්වී සිටිනවා - වාරි මාර්ග අමාත්‍ය

    නොවැම්බර් 10, 2023

    මල්වතු ඔය ජලාශය ව්‍යාපෘතිය කඩිනමින් ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය මැදිහත් වී ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මෙරට තිබෙන වැව් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළීවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වාරිමාර්ග අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජනාධිපතිවරයාගේ මෙවර චීන සංචාරයේදී එම ඉල්ලීම් ලැයිස්තුවටත් මෙම මල්වතු ඔය ජලාශය ඇතුළත් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉදිරියේ දී ආරම්භ කළ ව්‍යාපෘති ලැයිස්තුවට මල්වතු ඔය ජලාශය කඩිනමින් ඉදි කිරීම ද ඇතුළත් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මෙරට වැව් බොහොමයක ආක්‍රමණික ශාඛ වර්ධනය වීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අත්‍යාවශ්‍ය වැව් වල ආක්‍රමණික ශාක ඉවත් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන්
    සිදුවන බවයිි.

    ඊට අමතරව විවිධ ගොවි සංවිධාන වල සහාය ලබා ගෙන මෙම කටයුතු සිදු වන අතර ඉදිරියේදී එම සංවිධාන වල සහාය තවදුරටත් ලබා ගෙන මෙම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.

    සිවිල් ආරක්ෂක බලකායේ සහායද මේසඳහා ලබා ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    මෙරට වැව් බොහොමයක ආක්‍රමණික ශාඛ වර්ධයනයක් දැකිය හැකියි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන වැව් වල ආක්‍රමණික ශාක ඉවත් කිරීම සඳහා යන්ත්‍ර කිහිපයක් තිබෙනවා.
    අත්‍යාවශ්‍ය වැව් වල රොන්මඩ සහ ආක්‍රමණික ශාක ඉවත් කිරීම මෙමගින් සිදු වෙනවා.මේ සඳහා නව ජෛව තාක්ෂණික ක්‍රම අත්හදා බලමින් පවතින අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල පසුගිය දිනවල සිදු වූ ගං වතුර ගැලීම සහ නිල්වලා ගගේ ලවණ බාධකය සම්බන්ධයෙන් ද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ,
    ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.නිල්වලා ගගේ ලවණ බාධකය ඉදි කරලා තිබෙන්නේ වේල්ලක් විදියට නොවේ. පැහැදිළිවම ප්‍රාෙයා්ගික ගැටළුවක් තිබෙනවා. මෙය ඉදි කර තිබෙන්නේ වෙල්ලක් විදියට නොවේ.වේල්ලක් විදියට හැදුව නම් ප්‍රශ්නයක් නැහැ.වැලි කොට්ට දැමීම සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කරනවා. CECB හරහා මෙම කටයුතු කරන්න අපි ඉල්ලීමක් කර තිබෙනවා.මෙය ගලවල ඉවත් කළොත් ජූනි, ජූලි අගොස්තු මාස වලදී ජලය නැති වෙයි කියලා ගලවා ඉවත් කිරීමත් ප්‍රශ්නයක්.තමාද නිල් වලා ගගේ සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව මෙම අවස්ථාවේ අදහස් දැක් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

    ගගේ පහළ කොටස පවිත්‍ර කිරීම සඳහා ලබා දී ඇති යන්ත්‍රයේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සම්බන්ධයෙන් තමාද වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළ බවත් හැකි නම් තවත් ඩීසල් ලබා දීමට කටයුතු කරන්නැයි කතානායකවරයා විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya