ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ දිනය නාවික හමුදා මූලස්ථානයේදී සහ සියළුම නාවික විධානයන්හි දී අභිමානවත්ව සැමරේ

    නොවැම්බර් 12, 2023

    පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීමේ දිනය අදට (නොවැම්බර් 11) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය ( නොවැම්බර් 11) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදීත්, විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

     

    පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හි දී දිවි පිදූ සේවා පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා ආරම්භ වී ඇති මෙම සිහිකිරීමේ දිනය (Remembrance Day), වර්තමානයේදී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ දක්වා මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වාර්ෂිකව නොවැම්බර් මස 11 වන දින පවත්වනු ලබයි.

    ඒ අනුව, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් ‍මෙහෙයුම් ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ පැවති සිහිකිරීමේ උත්සවය සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී විය.

    තවද, නාවික හමුදා මූලස්ථානයේදී පැවති සිහි කිරීමේ උත්සව අවස්ථාවට සමගාමීව උතුර, නැගෙනහිර, බටහිර, උතුරු මැද, ගිණිකොන, වයඹ සහ දකුණ යන නාවික විධානයන්හීදී එම විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ එම විධානයන්ට අයත් නෞකා හා ආයතනයන්ට අයත් නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් මිය ගිය සේවා පුද්ගලයන් සිහි කිරීමේ අවස්ථාව අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

     SL Navy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya