ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මෙවර අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්- ජනාධිපති

    නොවැම්බර් 13, 2023

    මෙවර අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 78 වන අය වැය අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

    2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර අනතුරුව අයවැය ලේඛනය ඉදිරිපත් කළේය.

    අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ,

    මෙවර අයවැය වත්මන් ජාත්‍යන්තර ප්‍රවාණතාවන්ට අනුකූලව නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක් බවත් සවිමත් අනාගතයක පෙරවදනක් බවයි. මැතිවරණ ජයග්‍රහණයට වඩා තමාට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණය බවත් මේ අයවැය රයේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අයවැයක් බවත් හෙතෙම සඳහන් කළේය.

    රටටත්, රටේ අනාගතයටත් ජය සැලසෙන යෝජනා ගණනාවක් මෙවර අයවැය ලේඛනයට ඇතුළත් කර තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    තමා භාර ගත්තේ පීලි පැන හතර ගාතේ ඇද වැටි තිබුණ ආර්ථිකයක් බව කී ජනාධිපතිවරයා පීලි පැන ඇද වැටී තිබූ මෙරට ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ,
    මම යළි යළිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරවීම නවත්තමු. අපි අපිටම අවංක වෙමු. දේශපාලනයට වඩා රට ගැන හිතමු. රට ඉහළට ඔසවා තබන්න එක්වෙමු. රට ශක්තිමත් වුණාට පසු දේශපාලන අරමුනු ගැන හිතමු. දරුණු ආර්ථික අර්බුදය හමුවේ ඉහළ ගිය ජීවන වියදමට සරිනලන පරිදි වැටුප් හා ආදායම් වැි කර ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. ඉන්ධන සහ විදුලි බිල තියුණු ලෙස ඉහළ යෑම සෑම පවුලකටම අනර්ථකාරී ලෙස බලපෑවා. බදු ඉහළ නැංවීම නිසා තනි පුද්ගලයන් පමණක් නොව, කුඩු ව්‍යාපාරව වල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා තිගැස්සීමකට ලක් වී තිබෙනවා.

    බංකොළොත් රටක් ප්‍රකෘතියට පත් කිරීම මහා දුෂ්කර ව්‍යායාමයක්. මේ දුෂ්කර කාලය ගෙවා ගතහොත් අපට සහනදායී සුන්දර සමාජයක් නිර්මණාය කර ගන්න පුලුවන් වෙනවා.
    බලය ලබා ගැනීමෙ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබා දීෆම් සිහින මාළිගා ඉදිකරන්නට ගියොත් අවසානයේ රට යළිත් බංකොළොත් වෙනවා.

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ, පඩි වැඩි කිරීම් හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායමෙන් 35%ක් වැය වෙනවා. තවත් පඩි වැඩි කරන්න නම්, රජයේ ආදායම් වැඩි කරගන්න ඕනෑ.

    මෙරට බදු ක්‍රමයේ ඇති බරපතල අඩුපැඩු ගණනාවක් හඳුනාගෙන් ඇති බවත් එම අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජන ගණනාවක් මෙවර අයවැයට ඇතුළත් කර ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය සම්පත් රැක ගැනීම යන සටන් පාඨයට මුවා වෙමින් ඒවායින් ප්‍රයෝජන නොගෙන සිටීමෙන් ඒවා රටට බරක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya