ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉහළම මූල්‍ය කළමනාකරණ නීති අනුගමනය කරමින් ඉදිරිපත් කළ අයවැයක්- මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

    නොවැම්බර් 13, 2023

    ඉහළම මූල්‍ය කළමනාකරණ නීති අනුගමනය කරමින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ අය වැය කතාව ඉදිරිපත් කළ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අපි අලුත් සමාජීය ආර්ථික විප්ලවයක් කරන්නේ.මීට වර්ෂයකට පෙර ජනතාවට වැටුප් ගෙවන්නේ කොහොමද කියන ගැටලුවෙන් අපි හිටියේ. අද රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු 10,000/කින් වැඩි කරනවා.අපිට කවදාවත් නැති මූල්‍ය විනයක් අනුගමනය කරන්න වුණා. අයවැය හිගය පියව ගන්න ගන්නා ණය සීමාවක් තියෙනවා.සීමාවන් සහ ජනතාවගේ අසීමිත අවශ්‍යතාවයන් මත තමයි මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ.

     

    රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්

    අපට තිබෙන්නේ ආර්ථික සහ මූල්‍ය ප්‍රශ්නයක්. අපි පසුගිය වර්ෂයේ ගත්තේ දේශපාලන තීන්දු නොවේ. ආර්ථික තීන්දු.
    අපේ රටේ රාජ්‍ය ආදායම් රටාවක් තිබෙනවා. එම රාජ්‍ය අදායමට ගැළපෙන පරිදි තමයි මෙවර රාජ්‍ය සේවක වැටුප් වැඩි කළේ. වර්තමානයේදී රාජ්‍ය සේවයකයාගේ වැටුප වැඩි කරන අතරම රාජ්‍ය සේවය පුළුල් කිරීම දැඩි ලෙස පාලනය කර තිබෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

    අයවැයෙන් අධ්‍යාපනයේ නව පරිවර්තනයක්- අධිකරණ අමාත්‍ය ආචර්ය විජේදාස රාජපක්ෂ

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ආචර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, මෙවර අයවැයෙන් අධ්‍යාපනයේ නව පරිවර්තනයක් ආරම්භ කිරීමට මුදල් වෙන් කර ඇති බවයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
    පූර්ව ළමා වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා මේ රටේ අවශ්‍ය අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වලට ප්‍රමුඛතාවය දෙන්න මෙවර අයවැයෙන් වග බලාගෙන තිබෙනවා.
    කෙනෙක් උපයන ආදායමෙන් හතරෙන් එකක් පරිභෝජනයට ගන්නත්, හතරෙන් දෙකක් ආයෝජනය කරන්නත් , ඉතිරි හතරෙන් එක ආපාදාවක් වුණහම
    පාවිච්චියට ගැනීමේ ප්‍රතිපත්තිය තමයි මෙවර අයවැයෙන් ඉදිරිපත් වන ප්‍රතිපත්තිය. මෙය වසරකින් දෙකකින් ක්‍රියාවට නංවන්න බැහැ.නමුත් ඊට අවශ්‍ය පදනම අද දැමුවා.

     

     

    මීට වඩා හොඳ විකල්ප තිබේ නම් ඉදිරිපත් කරන්න - ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    මෙවර අයවැය ගැන රටේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා. මීට වසරකට පෙර මුහුණ දුන් ප්‍රශ්න අපි හැමෝම දන්නවා.පවතින තත්වය තුළ ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අයවැයක් කියන්න පුළුවන්.
    ජනාධිපතිතුමා යෝජනාවකුත් ඉදිරිපත් කළා මීට වඩා හොඳ විකල්ප තිබේ නම් ඉදිරිපත් කරන්න කියලා

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya