ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පසුගිය වසරේ අය වැය යෝජනාවලින් ජාතික ආර්ථිකය ඉහළට ඔසවා තැබුවා- රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    නොවැම්බර් 14, 2023

    පසුගිය වසරේ අය වැය යෝජනාවලින් ජාතික ආර්ථිකය ඉහළට ඔසවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගිය වසරේ අයවැය යෝජනාවල ප්‍රගතිය සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    2023 අය වැය යෝජනාවල ප්‍රගතිය විමසීම සඳහා විපක්ෂ නායක කාර්යාලය විසින් සිදු කළ පර්යේෂණයක ප්‍රථිපල සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම ප්‍රශ්නය යොමු කළේය.
    2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් විශ්වාසයක් තැබීමට නම් පසුගිය වසරේ අයවැය වල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.

    2023 වසර ඇරඹීමේදීම රට මුහුණ දුන් අර්බුදකාරී ආර්ථික තත්වයෙන් මිදීමට හැකි වී ඇති බවත් ආර්ථික දත්ත පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මේ පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,2022 වර්ෂයේ සිව්වන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 12.4කි. නමුත් 2023 වසරේ තුන්වන කාර්තුව වන විට ආර්ථික වර්ධන වේගය සෘණ 3.1ට අඩු වී තිබෙනවා. 2023 සිව් වන කාර්තුව පිළිබඳ මේ වන තුරු නිෂ්චිත ගණනය කිරිමක් සිදුකර නොමැති වුවත් එය ධන අගයක් ගනු ඇතැයි විෂ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

    2022 වසරේ මෙරට විදෙස් සන්චිත ප්‍රමාණය ඩොලර් මිලියන 1898කි. නමුත් 2023 වසරේ සැප්තැම්බර් මාසය වන විට එය ඩොලර් මිලියන 3500 දක්වා වර්ධනය වී තිබේ. 2023 වර්ෂයේ උද්ධමන වේගය සියයට 51.7කි. 2023 සැප්තැම්බර් වන විට එය සියයට 1.3කි. උද්ධමන වේගය මාස 9ක් තුළ මෙලෙස අඩු වීමට අයවැය ලේඛනයේ ධනාත්මක කරුණු බලපෑ බව හෙතෙම පෙන්වා දුන්නේය.

    බැංකු ණය පොළී අනුපාතය, ප්‍රාථමික ගිණුම් ශේෂය පහළ ගොස් ඇති බවත් රාජ්‍ය ආදායම සහ බදු ආදායම වර්ධනය වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. මෙම සියළු ධනාත්මක කරුණු වල අයිතිය 2023 අයවැය යෝජනාවන්ට හිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පසුගිය වසරේ අයවැය යෝජනාවන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් වොරයිටි රිසර්ච් ආයතනය මගින් පෙන්වන තාක්ෂණ කරුණු පිළිබඳ ඉදිරියේදි තවත් විස්තර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya