ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තරුණ ප්‍රජාව කෘෂි ක්ෂේත්‍රයට එක්වෙනවා නම් ඒ සඳහා සහාය දීමට රජය සූදානම්- කෘෂිකර්ම අමාත්‍ය

    නොවැම්බර් 14, 2023

    සැළකිය යුතු ප්‍රමාණයක් තරුණ ප්‍රජාව කෘෂි ක්ෂේත්‍රයට එක්වෙනවා නම් ඒ සඳහා සහාය ලබා දීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2024 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කිවවීමේ පළමු දිනය වන අද(14) දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    2022 වර්ෂයේ මෙරට සහල් වලින් 3/1ක් පිටරටින් ගෙන්නල කන්න දුන් තත්වයක් තිබුණේ. නමුත් අද වන විට ගොවීන්ට පොහොරලබා දී රට සහල් වලින් ස්වයංපෝෂිත වී තිබෙනවා.
    වෙළෙඳපොළේ සාමාන්‍ය මිනිසුන් කන සහල් ඇති වෙන්නෙ තිබෙනවා. කිසිදු හිගයක් ඇති වෙන්න ඉඩක් නැහැ. කීරි සම්බා වල පමණක් හිගයක් තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය නිසා එම සුපිරි ගණයේ සහල් පමණක් පිටරටින් ගේන්න ඉඩ තිබෙනවා.අද වන විට කෘෂි ක්ෂේත්‍රය දියුණු වී තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම පැත්තක්ම ආවරණය වන්න මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා සමෘද්ධිය වගේ තුන් ගුණයක් අස්වැසුමට මුදල් ලබා දී තිබනවා. නගරේ ජනතාවට ගෙවල් 50,000කට අයිතිවාසිකම ලබා ද දී තිබෙනවා. ගමේ ගෙවල් වලට ඔප්පු ලබා දෙනවා. ප්‍රවාහන අංශයේ ඉලෙක්ට්‍රික් බස් රථ ගෙන්වීමට යෝජනා වී තිබෙනවා.

    නවීන තාක්ෂණය කෘෂි ක්ෂේත්‍රයට ගෙන එමින් තිබෙනවා.ඉදිරියේ දී සැළකිය යුතු ප්‍රමණයක් අගයදාම වැඩි කිරීමට මූල්‍ය ප්‍රතිපාදන හා මඟ පෙන්වීම කරන්න අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.
    තෙත් කලාපයේ වී වගාවට ආදායමක් නෑ.වෙනත් වගාවන්ට අවසර දෙන්න පුළුවන්. සත්ත්ව ආහාර නිෂ්පාදනයට වග කොළොත් ආදායමක් ලබාගන්න පුළුවන්.පුවක් වගාව ප්‍රචලිත කරන්න කාලය ඇවිත් තියෙනවා.තෙත් කලාප්යේ කුඹුරු පුරන් කුඹුරු වෙනත් බෝග වගාවට අවසර ලබාදෙනවා.කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සාර්ථකව කෙරෙනවා. වාද භේද නැතිව එකතු වෙන්න පුළුවන්. දේශපාලනයක් නෑ. යෝජනා දෙන්න. මේ වසරේ විශාල මුදලක් ලබාදී තිබෙනවා.ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ට කිව්වේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ භාර ගන්න මුදල් දෙන්නම් කිව්වේ. දියුණු මාවතකට ප්‍රවේශවන වෙමින් පවතිනවා. සුරංගනා ලෝකයක් එකවර හැදෙන්නේ නැහැ. රට දියුණු මාවතකට ඇවිත් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya