ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මානව සම්පත සංවර්ධනය කිරීමේ කෙටි කාළීන සහ මධ්‍ය කාළීන වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන්- තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

    නොවැම්බර් 14, 2023

    මානව සම්පත සංවර්ධනය කිරීමේ කෙටි කාළීන සහ මධ්‍ය කාළීන වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දේශපාලන වාසි ගැනීමට වඩා රටක් වශයෙන් ඉදිරියට යන මාවත මෙම අයවැයෙන් පෙන්වා දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2024 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කිවවීමේ පළමු දිනය වන අද විවාදයට එක්වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පසුගිය වසර සමග සසඳන විට අද ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙනවා. උද්ධමනය තනි ඉලක්කමේ අගයකට ගෙන ඒමට මෙම කාලය තුළ හැකි වී තිබෙනවා. විදේශ සංචිත බිලියන 3.5 දක්වා වැඩි වී තිබෙනවා. පොළී අනුපාත 30%කටත් වඩා වැඩියෙන් තිබුණා. අද එය 15% දක්වා අඩු වී තිබෙනවා. බදු ආදායම 50%කින් වැඩි කිරීමට හැකිව තිබෙනවා. අයවැය පරතරය අඩු කරන්න තිබෙන හොඳම ක්‍රමය තමයි, මානව සම්පත දියුණු කර සේවා කර්මාන්තයකට යන එක. මානව සම්පත් සංවර්ධනය කිරීමේ කෙටි කාළින සහ මධ්‍ය කාළීන වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය දිියුණු කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා.

    මෙරටට ආදායම ගේන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. පසුගිය වසරේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙයන් මෙරටට ලැබුණු විදෙස් විනිම අදායම රුපියල් බිලියන 1.7 ක්. මේ සඳහා මානව සම්පත දියුණු කරන්න ඕන. අද බුද්ධි ගලනය ගැන කතා කරනවා. නමුත් ඒ සඳහා විසඳුමක් අවශ්‍යයි. අපේ රටේ ආර්ථිකය ස්ථාවර වෙනවා නම් විදෙස් ගත වූ අය නැවත මෙරටට එනවා. වාර්ෂිකව තොරතරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් 20,000ක අවශ්‍යතාව තිබෙනවා. නමුත් ඉන්නේ 10,000ක් පමණ ප්‍රමාණයක්. විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කිරීමේ යෝජනාව ඉතාමත් වැදගත්. ඉදිරියේ දී තොරතුරු තාක්ෂණ සඳහා උපාධිධාරින් වැඩියෙන් බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා. වැවිල් ක්ෂේත්‍රය සම්බන්ධ විශ්වවිද්‍යාලයක් ඉදි කිරීමට වූ යෝජනාව ඉතාමත් හොඳ යෝජනාවක්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඉදිරියේ දී ඩිජිටල් අධිකාරියක්, නව නිපැයුම් සභාවක් සහ කෘතිම බුද්ධි මධ්‍යස්ථානයක් (AI) පිහිටුවීමට යෝජනා වී තිබෙනවා. රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කර ගැනීමට මේ ඔස්සේ හැකි වෙයි කියා බලාපොරොත්තු වෙනවා. තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයක් සඳහා මිලියන 08ක් වෙන් කර තිබෙනවා.මේ සියල්ල ඒක රාශී කරන එක වැදගත්'' යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya