ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මෙවර අයවැයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ පදනම දමා තිබෙනවා - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 16, 2023

    මෙවර අයවැයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ පදනම දමා ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පාර්ලිමේන්තුවේදි (15) ප්‍රකාශ කළේය.

    අයවැය විවාදයේ දෙවන දිනයේ විවාදයට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අද වන විට ළමයින්ව විශ්ව විද්‍යාල වලට ඇතුල් කිරීමේදී දුෂ්කර දිස්ත්‍රික්ක 13ක් නම් වෙලා තිබෙනවා. එසේ නම් මේ රට ප්‍රගමනයට ගිහින් නැහැ.මෙවර අයවැයෙන් සමෘද්ධිය තුන් ගුණයකින් වැඩි කර තිබෙනවා.නමුත් සමෘද්ධිය තුන් ගුණයකින් වැඩි කළ එක වැරදියි. සමෘද්ධිය පටන් අරන් දැන් අවුරුදු 35ක් පමණ වෙනවා.

    මෙරට ආර්ථික අර්බුදයක් යළි ඇති නොවීමට නම් මෙරට ආර්ථිකය අලුතින් නිර්මාණය කළ යුතුයි. අපිට අලුත් ජන සමාජ සම්මුතියක් අවශ්‍යයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් පෙන්වා දුන්නේ එයයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    පුරවැසියාගේ අයිතිය, ප්‍රජාත්‍රන්තවාදය සහ රාජ්‍යකරණය පිළිබඳ අලුත් මගකට යොමු වුණු තීරණයක් ඊයේ ලබා දුන් බවයි. එම තුන් කොන් විවාදය අද ඊයේ පටන් ගත්තක් නොව පසුගිය තිස් වසරක යුද්ධය

    දක්වා දිව යන බව හෙතෙම පෙන්වා දුන්නේය..උපරිමාධිකරණය ජනාධිපතිවරයෙකුට දඩුවම් ලබා දුන් තුන්වෙනි අවස්ථාව මෙයයි. එදා ප්‍රජාත්‍රනතවාදය රැක ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදරිපත් වුණේ නැත්නම් අද ප්‍රජාත්‍රත්තවාදයක් නැහැ.පෙට්‍රල් ලීටරයකට ගහ ගත්ත රටක්. ගෑස් පෝලිමේ ඉදල හෘදායාබාධ හැදිල මැරුනු රටක්. අද කතා කරනවා ආර්ථික වේගය මදි කියලා.ආර්ථික වර්ධන වේගය සෘණ අගයකට වැටුණු රටක ආර්ථිකය අද වර්ධනය වෙමින් තිබෙනවා.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya