ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමට නව කොමිෂන් සභාවක් ඇති කිරීම මෙවර අයවැයේ වැදගත් යෝජනාවක්- ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 16, 2023

    විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා තිබෙන බැරෑරුම් නීති රීති ලිහිල් කරමින් ඒ සඳහා නව කොමිෂන් සභාවක් ඇති කිරීම මෙවර අයවැයේ වැදගත් යෝජනාවක් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

    අයවැය විවාදයේ දෙවෙනි දිනය වන (15) දින විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,නව ආයෝජන නීති සකස් කිරීමට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තුතිය පුද කරන බවද බවයි.

    ආර්ථික අර්බුදය හමුවේ මෙවන් අයවැය සකස් කිරීමම භාරදූර්ය කාර්යයක්. ආයෝජන දරිගැන්වීමට, කෘෂිකර්මාන්තය , අධ්‍යාපනය සඳහා මෙවර මුදල් වෙන් කර තිබෙනවා.
    අර්බුදයෙන් ගොඩ එන මාර්ගය මෙම අයවැයේ ඇතුළත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පනේවා දුන්නේය. අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් කඩා වැටිලා තිබෙනවා.
    මේ සඳහා රුපියල් බිලියන 30ක් ලබ දීමට යෝජනා කිරීම තුළින් එම ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමට අවධානය යොමු කර තිබෙනවා. ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට තිබෙන නීති රීති ලිහිල් කිරීමට කටයුතු කරනවා'' යැයි පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya