ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    IMF දෙවැනි වාරිකය ලැබුණ පසු තවත් සහන - පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

    නොවැම්බර් 16, 2023

    IMF දෙවැනි වාරිකය ලැබුණ පසු තවත් සහන ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(16) පැවසීය.

    අයවැය දෙවන වර කියවීමේ තුන්වන දිනය වන අද විවාදයට එක්වෙමින් වජිරි අබේවර්ධන මහතා මේ බව පැවසීය.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය තවත් ශක්තිමත් කරන්න මේ වෙන විට පාර්ලිමේන්තුවේ වෙනම අයවැය කාර්යාලයක් පිහිටුවා තිබෙන බව හෙතෙම පැවසීය.

    මෙම කාර්යාලයේ ක්‍රියාකාරිත්ව තවමත් ශක්තිමත් වෙමින් පවතිනවා. යම් දේශපාලන පක්ෂයක නොවන පුද්ගලයෙකුට වුවද ආර්ථික ප්‍රශ්නය සඳහා විසඳුම් මෙම අයවැය කාර්යාලයට ඉදිරිපත් කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ වජිර අබේවර්ධන මහතා පැවසුවේ,

    මෙම අයවැය විවේචනය කරමින් ජාතියක් හැටියට අපි වැනසෙන්න හදන්නේ.අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ වැටුනු රට ගොඩගන්න. නමුත් මන්ත්‍රීවරු 225 දෙනා එකතු වෙලා එම අභියෝගය භාර ගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එක දේශපාලන පක්ෂයකවත් නායකයා නොවේ. ජනාධිපතිවරයා ජාතික නායකයෙක්. පාර්ලිමේන්තුවේ 225 දෙනා තවම එක් වන්නේ බෙදෙන්න ගහගන්න මිස කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට නොවේ යැයි ද මන්ත්‍රීවරයා කීය. වත්මන් අර්බුද වලට හරියට මුහුණ නොදුන්නොත් 225 දෙනාම ගුටි කන තත්ත්වයකට පත්වෙන බව සඳහන් කළේය.රට බංකොලොත් කිරීමට 225 ම වගකිව යුතු යැයි ද කාටවත් ඒකෙන් නිදහස් වෙන්න නොහැකි යැයි ද මන්ත්‍රීවරයා කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya