ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අයවැය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා

    නොවැම්බර් 19, 2023

    මෙවර ඉදිරිපත් කළ අයවැය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවසීය.

    2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය් පස් වන දින  විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. විවිධ අසීරුතාවයන් මැද ජනාධිපතිවරයා ඉදිරිපත් කරන මෙම අයවැය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරන බවද හෙතෙම පැවසීය.

    මූල්‍ය වගකීම යටතේ ප්‍රතිපාදන වෙන් කරනවා වගේම එම වෙන් කරන ලද මුදල් පිළීබඳව නිසි කළමනාකාරිත්වයෙන් යුතුව ක්‍රියාත්මක කළාද යන්න පාර්ලිමේන්තුවට පැවරෙන වගකීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අයවැය සඳහා මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුව සතු වගකීමක් .මූල්‍ය වගකීම් යටතේ රාජ්‍ය ගිණුම් කාරක සභාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඇතුළු අනෙකුත් කාරක සභා විසින් එම කාර්යය ඉටු කරනවා. රටේ ආදායම ඉහළ දැමිය හැකි ක්‍රම කක්‍රිහිපයක් තිබෙනවා. ආදායම වැඩි කර ගැනීම සඳහා තිබෙන බදු පමාණයන් වැඩි කිරීම, දැනට නොලැබෙන බදු ලබා ගැනීම වැදගත්.

    තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමටත් මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවය ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම දත්ත පද්ධතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා කීය.

    රාජ්‍ය ආයතන සඳහා නීති රීති ගෙනෙන අතරම ලෝකයේ අනෙක් රටවල රාජ්‍ය ආයතන මෙන් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් දත්ත පද්ධතියක් හරහා මෙම කාර්යය කළ යුතු වෙනවා. ඊ මෝටරින් ව්‍යාපෘතිය එවැනි එක් ව්‍යාපෘතියක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya