ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගොවියාට මහ පොළොවේ අයිතිය ලබාගත හැකි, අවුරුදු 200ක් නොවිසඳුන ප්‍රශ්නයක් විසඳා ගත හැකි අය-වැයක් - පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන 

    නොවැම්බර් 19, 2023

    දිගු කලක් සටන් කර ඉල්ලා සිටි, ගොවි ජනතාවට ගොවිතැන්බත් කිරීම උදෙසා මහ පොළොවට ඇති අයිතිය ලබාදීමේ අය වැයක්, 2024 සඳහා ඉදිරිපත් කර ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙය අවුරුදු 200ක් තිස්සේ නොවිසඳුන ප්‍රශ්නයක් විසඳා ගතහැකි අවස්ථාවක් බවද පැවසීය. පසුගිය කාලයේ ආහාර ප්‍රශ්නය පැනනැගී අවස්ථාවේ, මහත් කැපවීමෙන් ජාතියට ආහාර සැපයූ ගොවි ජනතාවට ස්තුතිය පළ කළ ඔහු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් අහිමි කළ අතීතයද සිහිපත් කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ සටන් කළ, සීතාවකට විශ්වවිද්‍යාලයක් මෙවර ලබාදී ඇති බවත්, එය තොරතුරු තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය, විශ්ව භාෂා සහිත විය යුතු බවද ඔහු කියා සිටියේය. එමෙන්ම පිළිණු වූ සංඛ්‍යා ලේඛන අභියෝගයට ලක් කිරීමට ජනතාවට අවස්ථාව සැලසෙන සේ නීති සකස් කළ යුතු බවද සඳහන් කළේය.

    රට බංකොලොත් කීවාට කිසිදු රජයේ සේවකයෙකුට, විශ්‍රාමිකයෙකුට වැටුප් නොගෙවා නොසිටි බවත්, රාජ්‍ය සේවකයාට ඉදිරි වසර සඳහා උපරිම සහනයක් ලබාදී ඇති බවත් ඔහු කියා සිටියේය. ලෝක ආර්ථිකය හැකිලෙද්දී ලොකුම විලංගුව වැටෙන්නේ ආහාර නිෂ්පාදනයට බව කී පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා, මෙරටින් පිටරටට ආහාර නිෂ්පාදන යොමු කිරීමේ ක්‍රියාදාමයට ආරම්භයක් වැටෙන අය වැයක් ලෙස, 2024 අය වැය හැඳින්වීය.

    මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, 2024 අය වැය විවාදයට පාර්ලිමේන්තුවේදී 18 දින එක්වෙමිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya