ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට ඉන්ධන ලීටර් 40ක් බැගින් නොමිලේ

    නොවැම්බර් 20, 2023

    පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවී ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ අනුව වී වගාව සඳහා එම ඉන්ධන නිකුත් කිරීම ඊයේ සිට (19) ආරම්භ කර ඇති අනර ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම ද ඊයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. අගුනකොළපැලැස්ස පැවැති වැඩසටහනක දී මෙම වවුචර්පත් බෙදා දෙනු ලැබීය.

    පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වළව කළාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගාහානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවේ.

    පසුගිය යල කන්නයේ වී වගා කළ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් වූ අතර එම ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ දී කුඹුරු අස්වැද්දීම සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    චීන රජය පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලයේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී ඇති අතර එම ඩීසල් බෙදා දීමේ දී යම් කුඩා ප්‍රමාණයන් ඇතැම් ගොවි ජනතාව ලබා නොගත් බැවින් ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරි වී ඇත.

    එසේ ඉතිරි වූ ඩීසල් ලීටර් මිලියන 02 වගා හානි සිදු වූ ගොවි ජනතාවට හෙක්ටයාර් එකකට ලීටර් 40 බැගින් බෙදා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya