ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    හෝමියෝපති වෛද්‍ය අධ්‍යාපනයට මෙරට ආයතනයක් ආරම්භ කරනවා - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි

    නොවැම්බර් 20, 2023

    ලොව විශිෂ්ඨ වෛද්‍ය ක්‍රමයක් ලෙස පිළිගැනෙන හෝමියෝපති වෛද්‍ය අධ්‍යාපනය මෙරට සිසු සිසුවියන් වෙත ලබාදීම උදෙසා දේශීය ආයතනයක් ආරම්භ කරන බවත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිත කිරීම උදෙසා පුළුල් වැඩපිළිවෙළක් අරඹන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

     

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (17) වැලිසර රජයේ හෝමියෝපති රෝහලේ නේවාසික රෝගී සත්කාර සේවා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    අතුරු ආබාධ වලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොව ප්‍රචලිත හෝමියෝපති වෛද්‍ය ක්‍රමය වකුගඩු රෝග ආතරයිටීස් දියවැඩියාව කාන්තා රෝග හතිය මානසික රෝග ස්නායුගත රෝග ඇතුළු රෝග රැසක් සඳහා සාර්ථක ප්‍රතිකාර සහිත වෛද්‍ය ක්‍රමයක් ලෙස පිළිගනු ලබයි.

    එම නේවාසික ප්‍රතිකාර ඒකකය තුළ කාන්තා රෝගීන් දස දෙනෙකු සහ පිරිමි රෝගීන් දස දෙනෙකු සඳහා නොමිලේ නේවාසික ප්‍රතිකාර සේවා ලබාගැනීමේ හැකියාවක් ඇත.

    එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් සංවර්ධන චන්දන තිලකරත්න, වැලිසර හෝමියෝපති රෝහලේ කාර්යභාරය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය චාන්දනී හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් වෛද්‍යවරුන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya