ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ පාම් වගාව (කටුපොල්) සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

    නොවැම්බර් 21, 2023

    ශ්‍රී ලංකාවේ පාම් වගාව (කටුපොල්) සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඉන්දුනිසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය අතර ඊයේ (20) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

    මෙම වගාව නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බවට පරිසර සංවිධාන විශාල විරෝධතාවයක් එල්ල කර ඇති බවත් පාම් වගාවෙන් පරිසරයට සිදු වන හානිය පිළිබඳ මෙතෙක් කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර නොමැති බැවින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර ඇති අධ්‍යයනය මගින් සකස් කරන වාර්තාවක් හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් අමාත‍යවරයා එහිද‍ි සඳහන් කළේය.


    දැනට පාම් වගාව සම්බන්ධව ශ්‍රී ලංකාව හා ඉන්දුනිසියාව අතර අවබෝධතා ගිවිසූමක් ද පවතී. මෙරට පාම් වගාව ආශ්‍රිත නිෂ්පාදන එම ගිවිසුම යටතේ මිල දී ගැනීමට ඉන්දුනිසියානු රජයේ එකඟත්වය පළ කර ඇති අතර මෙම වගාව ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් බිලියන 4.5ක ආයෝජනයක් සිදු කිරීමට සූදානම් බව ද මෙහිදී තානාපතිනිය ප්‍රකාශ කළාය.


    නමුත් මේ සම්බන්ධව නැවත අවධානය යොමු කිරීම සිදු කරන්නේ පාම් වගාව පිළිබඳ සිදු කරන අධ්‍යයන වාර්තාවෙන් පසුව බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.


    ශ්‍රී ලංකාවේ පාම් වගාව (කටුපොල් වගාව) සම්බන්ධව ඇතැම් පරිසර සංවිධාන ඉදිරිපත් කර ඇති විරෝධතා මෙන්ම මෙම වගාව නිසා පරිසරයට යම් හානිකර තත්ත්වයක් සිදුවන්නේ ද නැද්ද යන්න පිළිබඳව මේ වනවිට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.


    මීට දශක කිහිපයකට පෙර මෙරට පාම් වගාව ආරම්භ කළ ද ඉන්පසු ඒ සම්බන්ධව ඇතැම් පාර්ශව එල්ල කරන ලද විරෝධතා හා චෝදනා සැළකිල්ලට ගනිමින් පාම් වගාව ප්‍රවර්ධනය කිරීම අත්හිටුවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya