ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ

    නොවැම්බර් 21, 2023

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටලකරණය කිරීම මඟින් ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ නිකුත් කිරීමට වැඩපිළිවෙල සකස් කර තිබෙනවා - ප්‍රවාහන අමාත්‍ය

    මෙම වර්ෂයේ දී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව e-Motoring ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොරව කටයුතු කිරීමට මේ වන විට අවශ්‍ය සියලු කටයුතු කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    මෙයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත්ව ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය උගත් විනිසුරුවරුන් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවත් මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ ය.

    රියදුරු බලපත්‍ර 10,000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට තිබෙන බවත් මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා දෙපාර්තමේන්තුව ඩිජිටලකරණය කිරීම මඟින් ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ නිකුත් කිරීමට වැඩපිළිවෙල සකස් කර තිබෙන බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya