ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බදු ජාලය පුළුල් කළ යුතුයි - අමාරු ආර්ථික තීන්දු තීරණ ගැනීම වැදගත් - විදේශ කටයුතු අමාත්‍ය

    නොවැම්බර් 21, 2023

    බදු ජාලය පුළුල් කළ යුතුයි. තම යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්නට දේශීය ආදායම් බදු නිලධාරින්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අය වැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    මේ රට පහුගිය වසරේ ආර්ථිකව අස්ථාවර වුණාට පස්සේ අපි අය වැය දෙකක් ඉදිරිපත් කළා. මෙය අය වැය තවත් දිගුවක්.එදා විදුලිය කපනවා. තෙල් වල පෝලිමේ ඉන්න ඕන.රුපියල 300ට 400ට ගියා.

    අද වසරකින් පස්සේ, මේ වසරේ රුපියල සියයට 11%කින් වර්ධනය වී තිබෙනවා.අද පැය 24 ලයිට් තියෙනවා. පළමු දින 20ට සංචාරකයින් ලක්ෂයක් ඇවිත් තියෙනවා. ස්ථාවරත්වය සකස් කළේ නැත්නම් සංචාරක ව්‍යාපාරයෙන් මුදල් අයකරගන්න ලැබෙනවද?

     ජනතාවට චූන් දෙන්න ඔහේ කතා කරනවා. රුපියල් ලක්ෂයක වටිනාකමක් තිබූ වැටුප රුපියල් 60000ක වටිනාකමක්.අපි හා සමානව මුහුණ දුන් රටවල් පහක් තිබෙනවා. ඔවුන්ට උද්ධමනයෙන් එළියට එන්න වසර 10ත් 15ක් ගත වුණා. ලෙබනනය කවදා එයිද දන්නේ නෑ. ඒත් අපි යම් තැනකට ඇවිත් තියෙනවා.දැන් අපේ කාලය ඇවිත් තිබෙනවා වර්ධනයට. දීර්ඝකාලීන බලපෑමක් ඇති කිරීම සඳහා මෙම නව අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ.වසර 75ක් බලනකොට අපේ හැමගේ කිල්ලෝට වල හුණු තියෙනවා.

    මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන.අපේ හෘද සාක්ෂියට කතා කරලා තීන්දු තීරණ ගන්න කාලය ඇවිත් තිබෙනවා. පුද්ගලයින් 16කට එක් අයෙක් රජයේ සේවකයෙක්.අපි කොහොමද පවත්වාගෙන යන්නේ. විවේචන කරනවා. විසඳුම් දෙන්නේ නෑ.

    අපේ දේශීය ව්‍යසාකයා ආරක්ෂා කරන අතර ඔවුන් ජාත්‍යන්තරයට් තරඟ කරන්න ඕන. අපේ අපනයනය බිලියන 13ක්. කොතන හරි වැරදිලා තිබෙනවා. අපි කාටවත් එයින් මිදෙන්නට බෑ. බදු අය කිරීම ක්‍රමයෙන් අඩු කරලා ගිය වසරේ 8.3කට කඩා වැටිලා. නමුත් බදු ජාලය පුළුල් කළ යුතුයි. ආදායම් බදු ෆයිල් තියෙන්නේ ලක්ෂයකට අඩු නම් කොහොමද කොහොමද රට දියුණු කරන්නේ. මෙය අය කරගත හැකියි. දැනට අය කරන අයගෙන් තව අය කරගැනීම විසඳුමක් නොවේ. බදු අයකරගැනීම සඳහා පෙනී සිටින නිලධාරීන්ට සම්පූර්ණ පරිසරය හා බලය ලබාදී තිබෙනවා. ජාතික කාර්යභාරයක් තිබෙනවා.මඟහරින්න දෙන්න එපා. සියලු දෙනා එකතු කරගන්න.බදු නැතුව යන්න පුළුවන් කියනවා නම් කොහොමද යන්නේ කියන්න. දේශීය ආදායම් බදු නිලධාරින්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා තම යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්නට. අපේ රටේ විශ්වවිද්‍යාල හදලා තිබෙනවා නම් මුදල් ගෙවලා ඉගෙන ගන්න. ඒත් මේ අයට පිටරට ගිහින් මුදල් වියදම් කරලා ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් නෙමේ. අපි දෙකට බෙදී එකි නෙකාට ඇගිලි උත්සනවා වෙනුවට අවම එකඟතාවක් වත් පැමිණ අමාරු ආර්ථික තීන්දු තීරණ ගැනීම වැදගත් බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya