ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන් පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරන නීතියක් - අධ්‍යාපන ඇමති

    නොවැම්බර් 22, 2023

    වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන් පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරන නීතියක්....

    ආර්ථික අපහසුතා තිබෙන දරුවන්ට නොමිලයේ එවැනි free primary පාසල් ඉදිරියේ දී....

     

    ගුරු පුරප්පාඩු ගැටළුව ඉදිරියේදී විසඳන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දි අද (22) ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුත මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.ගැටළුව ඇත්තේ ගුරුවරු ස්ථානගත කිරීමේ සහ පාසල් ව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙරට සමස්ථ ගුරුවරු සංඛ්‍යාව 243,000ක්. ගුරුවරු 40,000ක් හිගයක් තිබේ නම් අධ්‍යාපනයක් කෙරෙන්නෙම නැහැ. ගුරුවරු 40,000ක හිගයක් තිබෙනවා කියන එක අතිශෝක්තියක්. එතරම් ගුරුවරු ප්‍රමාණයක් අඩු නැහැ. ගැටළුව ඇත්තේ ගුරුවරු ස්ථාන ගත කිරීමේදීයි. ඇතැම් පාසල් කිහිපයක් එකට එකතු වුණහම දරුවන්ට වඩා ගුරුවරු සංඛ්‍යාව වැඩියි.

    2023-2033 දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ආශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය. සියළුම මන්ත්‍රීවරුන්ට එහි පිටපත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. දැනට විද්‍යා ක්ෂේත්‍රයට ගුරුවරු 5000ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා.කාලයක් තිස්සේ පාසල් වර්ගීකරණය සහ ව්‍යුහගත කිරීම සිදු වෙලා නැහැ.

    බස්නාහිර පළාතේ ගුරුවරු බඳවා ගැනීමට මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත් වෙනවා.ජාතික පාසල් වලට ගුරුවරු 1700ක් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගිය සතියේ නිකුත් කළා සේවය හැර ගිය අය ගණනය කරලා ඒ වෙනුවට ගුරුවරු බඳවා ගන්නවා. වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන් පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරන නීතියක් ඉදිරියේ දී ගෙනෙන බවද හෙතම පැවසීය.

    ආර්ථික අපහසුතා තිබෙන දරුවන්ට නොමිලයේ එවැනි free primary පාසල් ඉදිරියේ දී හඳුන්වා දෙනවා. පෙර පාසල් ගුරුවරු ඒ සඳහා ඉදිරියේදි පුහුණු කරනවා. ඒ අනුව දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී කරන්න පුළුවන්'' යැයි පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya