ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න-අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 22, 2023

    ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

    පාර්ලිමේන්තුව තුළ අවම විනය පවත්වාගෙන යාමට කටයුතු කළ යුුතු බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේදී ඇති වූ විනය විරෝධී සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් දක්වන අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ප්‍රජාත්‍රන්තවාදය යනු මහජනතාවගේ විශ්වාසය මත රැඳෙන දෙයක් බවයි.පාර්ලිමේන්තුවට මහජනතාවගේ ගෞරවය හිමි වන්නේ මහජනතාව තුළ ඒ පිළිබඳව විශ්වාසයක් ඇති නිසා බව හෙතෙම කිය.

    පාසල් දරුවන් මෙම පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පක්ෂ විපක්ෂ සියළු දෙනා රටට වැදගත් හරයාත්මක දේවල් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවද හෙතෙම කීය.

    අපේ ස්ථාවර නියෝග වල පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය ලියලා තිබෙනවා. අද පාර්ලිමේන්තුව පවතින අතරතුරු කී දෙනෙක් දුරකතන ඇමතුම් වල යෙදිලා ඉන්නවාද? අගමැතිතුමටත්, විපක්ෂ නායකටත් මටත් ඒ වගකීම තිබෙනවා. අපි පාර්ලිමේන්තුවේදී අවම විනය පවත්වාගෙන යන්න ඕන.උදය වරුව පුරාවට අපි ජනතාවගේ ප්‍රශ්න කතා කරනවද?ඒකද මේ පාර්ලිමේන්තුවේ කාර්ය භාරය.මේ රටේ ජනතාවට මෙම පාර්ලිමේන්තු ක්‍රමය එපා කරවන දෙයක් මේ කරන්නේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya