ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රට වැටුණු අවස්ථාවක මෙවැනි අයවැයක් ඉදිරිපත් කළාට ජනපතිට ස්තූතියි- අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 22, 2023

    රට වැටුණු අවස්ථාවක මෙවැනි අයවැයක් හෝ ඉදිරිපත් කිරීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය හිමිවන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය.

    2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ , ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අර්බුධය අවස්ථාවේ රට ගැන සිතමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකට එක් වූ බවයි. දේශපාලනයේදී සදාකාලික මිතුරෝ හෝ සතුරෝ නැතැයි හෙතෙම කීය.

     

    මේ වගේ ආර්ථික තත්වයට මුහුණ දුන් බොහෝ රටවල් අදටත් ඔළුව උස්සලා නැහැ. ග්‍රීසිය වගේ රටවල් මීට උදාහරණ. ඒ රට බේර ගන්න ඩොලර් බිලියන් ගණන් ආධාර දුන්නා. මේ පුංචි දූපතට කවුරුත් එහෙම උදව් කරන්න නැහැ. 2015දී ජනතාව නිර්පාෂ්චික ජනාධිපතිවරයෙක් ඉල්ලුවා.ඊට පස්සේ දුන්නා. ඊට පස්සේ ඉල්ලුවේ දේශපාලනය නොදන්න ජනාධිපතිවරයෙක් ජනතාව ඉල්ලුවා ඉතින් දුන්නා.බිලියන 1800ක් ලැබෙන රටක බදු ආදායම කපා හරින්න කිව්වා. එයින් බිලියන 600ක් කපා හරින්න කිව්වා. ඒ උපදෙස් මත කටයුතු කරලා අවසානයේ රටට වෙච්ච දේ අපි දන්නවා.එදා මම ඉල්ලුවේ පී.බී ජයසුන්දර, නිවාඩ් කබ්රාල් මහා භාණ්ඩාගාරයෙන් එලවන්න කියලා. ආර්ථික ඝාතකයෝ කියලයි මම කිව්වේ. මම ඒ තීන්දුව දුන්නේ මිට අවුරුදු 17කට කලින්.පසුගිය නොවැම්බර් 14 වෙනිදත් ශ්‍රේෂ්ඨාධිකරනය එම තීන්දුව දෙනවා. ඔවුන් ආර්ථික ඝාතකයෝ කියලා.

     

    මෙම අයවැය අංග සම්පූර්ණ අයවැයක් කියා අපි පිළිගන් නැහැ. නමුත් රටක් මේ ආකාරයට වැටුණු පසු මෙවැනි අයවැයක් ඉදිරිපත්කිරීමට හැකි වීම අපි අගය කරනවා. මේ රට අරාජික වූ වෙලාවේ අපි ලොකු වගකීමක් භාර ගත්තා.සමහරු බයේ පැනලා ගියා.අද බදු බර වැඩියි කියනවා. එය අපිත් දන්නවා. නමුත් රට වැටී තිබූ තත්වයෙන් ගො ගන්න ඊට වඩා හොඳ ආකල්පයක් ඉදිරිපත් කරනවා නම් අපි එය ආදේශ කරනවා. අධ්‍යාපනයට සෞඛ්‍යට මුදල් මදි. නමුත් ඊට වඩා හොඳ ක්‍රමයක් තිබුණ නම් අපි ආදේශ කරනවා. මෙය අපි බෙදිලා තර්ක කරන්න හොඳ වෙලාවක් නොවේ'' යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya