ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පෑලියගොඩ ගර්භණී මව්වරුන්ගේ කායික, මානසික, අධ්‍යාත්මික සුවය උදෙසා ''සුඛී දීඝායු උත්තම පූජා''

    නොවැම්බර් 23, 2023

    නිරෝගී දරු පරපුරක් බිහි කරලීම උදෙසා පෑලිය‌ගොඩ නාගරික නිදහස් ආයුර්වේදය මගින් සංවිධානය කරන ලද සුඛී දීඝායු උත්තම පූජා ගර්භණී මව්වරුන්ගේ කායික, අධ්‍යාත්මික සහ මානසික සුවතා වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පෑලියගොඩ නවලෝක ප්‍රජා ශාලාවේදී පැවැත්විණ.

    දේශක විවිත්‍ර ධර්ම කථික විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ විසින් පවත්වනු ලැබූ කාව්‍යමය ධර්මානුශාසනාවන්ගෙන් සෙත් ප්‍රාර්ථනා සිදු කළ අතර උතුම් වූ මව් පදවිය හා පිතෘත්වය පිළිබඳ ධර්ම දේශනාවන්ගෙන් මෙම සුඛී දීඝායු උත්තම පූජා වැඩසටහන සමන්විත විය. එම වැඩසටහන අවසානයේ ගර්භණී මව්වරුන් 60 දෙ‌නෙකු සඳහා අළුත උපන් බිළිඳෙකුට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම සිදු විය.

     

    එම අවස්ථාවට පෑලියගොඩ නගර සභාවේ නාගරික ලේකම් කේ. තරංගා ගම්ලත්, මාස්ටර් ගයිඩ් පුද්ගලික සමාගමේ සභාපතිනි දිස්නා රංජනී වනිගසේකර, පෑලියගොඩ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ වෛද්‍ය කේ.එස්. කුමාරනායක, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් සංජය සුජීව යන මහත්ම මහත්මීන් ඇතුළු පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ගැබිණි මව්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya