ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රඹුක්පිටිය මධ්‍ය මහතා විද්‍යාලයේ සිදුවීම- විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කළා - අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 23, 2023

    ගම්පළ කලාපයට අයත් රඹුක්පිටිය මධ්‍ය මහතා විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

    අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස එම විදුහල්පතිවරයා බලකළ බවට සියළු මාධ්‍යයන්හි වාර්තා කර ඇති බව් ඒ සම්බන්ධයෙන් සොයා බලා ස්ථානීය පරීක්ෂණයක් පැවැත් වීමට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ..

    මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දීම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා තොරතුරු ලබාගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් දිවා ආහාරය ලන්ච් ෂීට්වල ඔතාගෙන රැගෙන විත් ඇති බවය.

    පාසල පොලිතීන්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බැවින් අදාළ සිසුන්ට එම ලන්ච් ෂීට් හා පත්තර කඩදාසි කන ලෙස විදුහල්පතිවරයා බලකර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීමට මුහුණදුන් පාසල් සිසුන් දෙදෙනෙක් ඊයේ උදෑසන වනවිටත් නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අනාවරණය වූ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    සිදුවීමට මුහුණදුන් අනෙක් සිසුන් පස්දෙනා අද (23) දින පාසල් පැමිණ ඇති බව ද පැවසු අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී නාවලපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ලැබී ඇතැයි කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya