ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ දින 07ක ප්‍රසිද්ධ විවාදයට මම සූදානම් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 24, 2023

    මේ රටේ ආර්ථිකය කඩා වැටුණේ එක දවසක බදු ඉවත් කිරීම නිසා නොවන බවත්,ඒ බව සංඛ්‍යා ලේඛන අනුව ඔප්පු කළ හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    තමා මෙම සභාව සමග දින 07ක විවාදයකට සූදානම් බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

    සුපිරි පොහොසතුන්ට බිලියන 700-800ක ණය ලබා දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට සියයට දක්වා අඩු වූ බවත් ඒ සම්බන්ධයෙන් හැකි නම් දින 7ක විවාදයක් ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා පිළිතුරු වශයෙන් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ;

    රටේ ආදායම් අඩු වීම එක දවසින් සිදු වූවක් නොවේ. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත ක්‍රියාත්මක නොවීම නිසා තමයි මෙම ආර්ථික අර්බුදය ඇති වුණේ .එය සංඛ්‍ය දත්ත සහිතව ඔප්පු කරන්න පුළුවන්.විපක්ෂය විසින් දිගින් දිගටම මීට විර්ද්ධව කතා කරනවා. මෙය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ගැටලුවක්.2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ වගකීම් පිළිබඳ පනත සම්පූර්ණයෙන්ම නොසලකා හැර, එය ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි මේ රට බංකොළොත් වුණේ.

    එතුමා රටේ වගකිව යුතු ඇමතිවරයෙක් වෙලා ඉද්දි රට කඩා වැටුණු හැටි මට ඉලක්කම් සහිතව පොතක් ලියල තිබෙනවා. පොතේ නම ආර්ථික ආසානාසිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවේ ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව තමයි තීන්දුව දීල තිබෙන්නේ. අපි ඊට ගරු කරනවා. නමුත් 2015දී රුපියල් මිලියන 12,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්න අත උස්සලා තිබෙනවා. 2019 ගත් එම බැඳුම්කර ගෙවන්න තිබෙන්නේ 2029 දී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya