ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම රජය ගන්නවා- විදුලිබල හා බලශක්ති අමාත්‍ය

    නොවැම්බර් 24, 2023

    බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම  රජය ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විදුලිබල හාබලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මන්නාරමේ සහ පුනරින් සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය, අදානි ව්‍යාපෘතිය,හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පූනගිරි සහ සියඹලාණ්ඩු ප්‍රදේශ වල නව පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘතිය ඇතුළු නව විදුලි ව්‍යාපෘති 06ක් මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීය. අපනයන කේන්ද්‍ර කර ගත් මෙවැනි ව්‍යාපෘති නිසා මෙරටට නව රැකියා උත්පාදනය කර ගැනීමට හැකි වන බවද කීය. බලාගාර ඉදි කිරීමට ප්‍රමාද වන්නේ ඇතැම් පනත් වල සහ ක්‍රමවේද වල පවතින දුර්වලතා නිසා බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවොත් එහි සහණ ජනතාවට ලබා දීමට කිසි විටෙකත් පසු බට නොවන බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.පසුගිය ඔක්තොම්බර් මාසයේ රුපියල් බිලියන 16ක ආදායමක් විදුලිබල මණ්ඩලයට ලැබී තිබේ. නොවැම්බර් මාසයේදී ද එවැනි ලායක් ලැබෙනු ඇතයි අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

    විදුලි බල මණ්ඩලය පසුගිය මාස 10ම අලාභ ලැබුවා.2023 ඔක්තොම්බර් 31 දිනට විදුලි බල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 12ක්. නමුත් ඔක්තොම්බර් මාසයේ රුපියල් බිලියන 16ක ආදායමක් විදුලි බල මණ්ඩලයට ලැබී තිබෙනවා.නොවැම්බර් මාසයේදීත් ඒ හා සමාන ආදායමක් ලැබෙයි කියා විශ්වාස කරනවා.

    රටේ ඇති වීතිබෙන වර්තමාන වර්තමාන ආර්ථික අර්බුදය තුළ විදුලි බිල සහ ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වූ බවත්, මිල වැඩි කිරීම පහසු තීරණයක් නොවූවද එය කැමැත්තෙන් ගත් තීරණයක් නොවන බවද හෙතෙම පැවසීය. වසර ගණනාවක ආර්ථික ප්‍රතිසංස්කරණ එකවර සිදු කිරීම නිසා මෙම තත්වය ඇති වූ බවද කීය.

    විදුලි බල මණ්ඩලයේ තිබෙන ප්‍රධාන ගැටලුව තමයි විදුලි බිල සම්බන්ධයෙන් තිබෙන චෝදනවා. අගෝස්තු මාසයේ විදුලි බිල සංශෝධනයක් කළා. එම සංශෝධනය කළේ වසර 09කට පසුව.2014 වර්ෂයේ සිට පසුගිය අගෝස්තු මාසය වෙනතුරු විදුලි බිල ආවරණය කිරීම සඳහා මුදල් ලබා දී ඇත්තේ මහාභාණ්ඩාගාරය බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඛනිජ තෙල් සංස්ථාවත් මේ වගේ තමයි නිසි ගාස්තු ක්‍රම වේදය ක්‍රියාත්මක නොවීම නිසා මෙම කඩා වැටීම සිදු වුණා. වියදම් නිරූපණය වන ගාස්තු ක්‍රමයක් හඳුන්වා දුන්නේ පසුගිය පෙබරවාරි මාසයේ සිටයි

    සාම්පූර් බලාගාරය ඉදි කිරීම නැවැත් වීමේ පාඩුව වසරකට රුපියල් බිලියන 95යි. එහි වගකීම භාර ගන්න ඕන ඒ වෙනුවෙන් උසාවි ගිය පිරිස. උමා ඔය ව්‍යාපෘතිය අවසන් කරන්න තිබුණේ මීට වසර 02කට පෙරයි. උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසාද විශාල මුදලක් අපට අහිමි වී තිබෙනවා. ලබන වසරේ සිට තමයි උමා ඔය ව්‍යාපෘතියේ ණය ගෙවීම ආරම්භ කරන්නේ. ජල විදුලි බලාගාර විකුණයි කියල සටන් පාඨයක් ගෙනාවා. නමුත් ජල විදුලි බලාගාර වල අයිතිය විදුලි බල මණ්ඩලයට නැහැ.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ,

    මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිෂ්ක්‍රිය කරන්න යෝජනා කරලා නැහැ. විදුලි බල මණ්ඩලය නියාමනය කරන ආයතනය ලෙස එය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. නිෂ්ක්‍රිය කරනවා කියලා තියෙන්නේ කොහේ දැයි කියන්න කියා තමා අභියෝග කරනවා. වැඩිපුර ආදායමක් තියෙනවා නම් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙනවා. ලුබ්‍රිකන්ට් ලයිසන් පිළිබඳව නීති තිබුණේ නැහැ. අපි අභිලාෂ කැඳවලා බලපත්‍ර දුන්නා. බන්කරින් වලටත් නීති පද්ධතියක් හදාගෙන යනවා. විදුලිබල පනත පිළිබඳව වැරදි විදිහට හිතන්න හොඳ නෑ. ඒ ගැන බිය විය යුතු නෑ. ඒ පනත ජනවාරි මාසයේ දී සම්බන්ධ කර ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. විදුලි සම්බන්ධතාවයකට එකවර ගෙවීමට බැරිනම් කොටස් වශයෙන් ගෙවීමට සම්බන්ධතාව ලබා ගැනීමට ක්‍රමවේදයක් හදනවා. විසන්ධි කරපු සැපයුම නැවත ලබාදීමට රුපියල් 3000ක මූලික ගාස්තුවක් ගත්තා. ඒ ප්‍රමාණය බිලේ ප්‍රමාණයට අනුව කටයුතු කරන්න උපදෙස් දුන්නා.ඒක 2000 කට අඩු ගාණකට අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya