ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදුලි බිල, ජල බිල ඇතුළු මනු කියවීම් සුහුරු ක්‍රමයට නව තාක්ෂණය භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

    නොවැම්බර් 24, 2023

    ඉදිරියේදී යම් යම් ප්‍රදේශ සුහුරු නගර බවට පත් කිරීමටත් විදුලි බිල, ජල බිල ඇතුළු මනු කියවීම් සුහුරු ක්‍රමයට නව තාක්ෂණය භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

     

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ලෙකෝ ආයතනය මගින් මේ වන විට ඊ බිල් පත් ක්‍රමයක් හඳුන්වා දී ඇති බවත් මෙය රට පුරා ක්‍රියාත්මක විය යුතු වැඩසටහනක් බවද තාක්ෂණ අමාත්‍යවරයා කීය.

    මෙරටට කිව් ආර් කේත හඳුන්වා දීමෙන්, තාක්ෂණය පිළිබඳව සාමාන්‍ය ජනතාවට තිබූ බිය නැති වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. QR කේතය හඳුන්වා දීම නිසා පෙට්‍රල් පෝලිම් අවසන් වුණා පමණක් නොව නව තාක්ෂණය පිළිබඳව ජනතාවට නව අත්දැකීමක් ලැබුණු බවද හෙතෙම පැවසීය.

    පෙට්‍රල් ඩීසල් පෝළීම් වෙනස් කරලා අද වෙන විට කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න කටයුතු කරනවා. ඩිජිටල් කරණයේ මූලාරම්භයක් තමයි කිව් ආර් කේතය හඳුන්වා දීම.එ් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ස්තුතිවන්ත වෙනවා.

    විදුලි බිල නිසා ජනතාව යම් අපහසුතාවයකට පත් වී තිබෙනවා. ඉදිරියේදී අඩු ආදායම් ලාභීන්ට ඒ සඳහා ණය ක්‍රමයක් හෝ හඳුන්වා දීමට කටයුතු කළ යුතු බවද කීය. විහාරස්ථාන සහ ආගමික ස්ථාන වලට සූර්ය කෝෂ හඳුන්වා දීමට කටයුතු කළයුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය. බලශක්තිය සඳහා ප්‍රභවයන් කිහිපයක් භාවිතා කිරීම ඉතා වැදගත්. අපි පුනර්ජනනිය බලශක්තියට යා යුතුයි. කොරියාව වැනි රටවල් අද නවීණ තාක්ෂණය භාවිතා කරනවා. අපි යම් තාක් දුරට පරක්කු වී තිබෙනවා. අපි පළමුවෙන්ම පරමාණු බලශක්ති පනත සංශෝධනය කළ යුතුයි. නමුත් අනාගතය ගැන සිතලා මෙම කටයුතු කළ යුතුයි.

    අනෙක තමයි හයිඩ්‍රිජන් සැළැස්ම. මෙම තාක්ෂණය තවම ආරම්භ කරලා නැහැ. නමුත් අපේ රටේ එම සැළස්ම ආරම්භ කර තිබීම ගැන අපි සතුටු වෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya